සජින් වාස්ගේ එක් රැයක හෝටල් බිල රුපියල් ලක්ෂ 21 යි.


රාජපක්ෂ රෙජීමයේ විදේශ අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන එක් විදෙස් සංචාරයකදී හෝටලයක ගත කළ එක් රැයක් වෙනුවෙන් විදේශ අමාත්‍යංශය රුපියල් ලක්ෂ 21 ක මුදලක් ගෙවා ඇති බව එම අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 

සජින් වාස් මෙම මුදල ගෙවා ඇත්තේ ලන්ඩන් නුවර, මධ්‍යම ලන්ඩනයේ පාක් ලේන්හි හිල්ටන් හෝටලයේ ගත කළ රැයක් වෙනුවෙනි. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන්ගේ සමුළුව පිළිබඳ සාකච්ඡාවකට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි අවස්ථාවකදී අධීක්ෂණ මන්ත්‍රීවරයා මෙම වියදම සිදුකර ඇත.

මෙම බිල්පත දැකීමෙන් මවිතයට පත්වී ඇති එවක මහකොමසාරිස්වරයා සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා මෙම බිල්පතට ගෙවීම් කිරීම සඳහා විදේශ අමාත්‍යංශයේ අනුමැතිය ඉල්ලා තිබේ. එවක විදේශ අමාත්‍යංශයේ ලේකම්වරියව සිටි සජින් වාස්ගේ සුරතලිය වන ෂෙනුකා සෙනෙවිරත්න වහාම එම මුදල ගෙවන ලෙස අනුමැතිය දී ඇත.

සජින් වාස් ගුණවර්ධන මෙසේ එක් රැයකට රුපියල් ලක්ෂ 21 ක් වියදම් කර ඇත්තේ හිල්ටන් හෝටලයේ නවාතැන් පහසුකම් සහ කෑම බීම සඳහා නොවේ. දැඩි ලෙස කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටින සජින් වාස් ගුණවර්ධන මෙම බිලෙන් අඩක ප්‍රමාණයක් වැය කොට ඇත්තේ කැසිනෝ ක්‍රීඩාව සඳහාය. සජින් වාස් ගුණවර්ධන කැසිනෝ ක්‍රීඩාවට දැඩි ලෙස වියදම් කරන සූදු අන්තුවකු බව ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රාජධානියේ ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් හොදින් දන්නා කරුණකි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment