Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘ශිරාණිව දවසෙන් ගෙදර යැව්වෙ මම' - ජනාධිපති විකුණාගෙන කන නීලකාස හොරෙක් කියයි!


‘ශිරාණි බණ්ඩාරනායකව සී.ජේ. කමින් අයින් කරන්න ප්‍රධාන සාක්ෂිකාරයා වුනේ මම. මහින්ද රාජපක්ෂට මම නොහිටින්න ශිරාණිව අස්කරන්න බෑ. මුළු දෝෂාභියෝගයම අසාර්ථක වෙනව මම නොහිටින්න. මෛත්‍රී ජනාධිපතිතුමා හැදුවෙ ශිරාණිව සීජේ විදිහට ආයිත් ගෙනල්ලා දිගටම තියාගන්න. මම තමයි ඒක නැවැත්තුවෙ. මම ඒක කලේ ප්‍රදීප් කාරියවසම් ( හිටපු අගවිනිසුරුවරියගේ සැමියා) හරහා. මම එක කෝල් එකකින් ඒ වැඩේ කලේ. මට ජනාධිපතිලගෙ ඉදල ඕන මිනිහෙක්ව බැලන්ස් කරන්න පුළුවන්' යනුවෙන් විවිධ සමාජ ශාලා තුල මේ දිනවල කයිවාරු ගසන නීල කාස හොරෙක් ගැන වාර්තා වේ. මොහු අන්කවරෙකුවත් නොව ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ හිටපු සභාපති හා විශ්‍රාමික අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙනා දෝශාභියෝගයේ ප්‍රධාන බොරු සාක්ෂිකරුවා වූ ජනක රත්නායක නැමැත්තාය.

මෙම ජනක රත්නායක නැමැත්තා පිළිබඳව අපට ලැබී ඇති තොරතුරු ඉතා දීර්ඝ ඒවා වේ. සියළු කරුණු ලිඛිත සාක්ෂි සහිතව අප වෙත එවා තිබේ. ඒවා නිසි පිලිවෙලට අප විසින් ඉදිරියේදී පල කරන්නෙමු. මොහු පිළිබඳව අප මීට ඉහතදීද විවිධ වාර්තා විවිධ පුවත් පලකලෙමු. ලැබී ඇති තොරතුරු වලින් කීපයක් අප පහත සංශිප්ත ආකාරයට පල කරන්නෙමු.

2005 වසරේදී මෙම ජනක රත්නායක නැමැත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු හා සම්බන්ධ වන්නේ දුරකතන කෙටි පණිවිඩ නැත්නම් sms campaign එකක් හරහාය. ඔහු එම කැම්පේන් එක ඔහුගේ මුදලින් සිදුකළ බවට මහින්ද රාජපක්ෂට පැවසුවද ඒ සඳහා බැසිල් රාජපක්ෂගෙන් මුදල් ලබාගත් බව ප්‍රසිද්ධ කරුණකි. ඊට කළගුණ සැලකීමක් ලෙස මහින්ද රාජපක්ෂ විසින් ඔහුව ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ (MBSL)  සභාපති ලෙස පත්කරනු ලබයි.

2008 වසරේ ලලිත් කොතලාවලට අයත් සෙලින්කෝ සහ ද ෆිනෑන්ස් ආයතන සම්බන්ධ වූ මූල්‍ය අර්බුදයේ නිර්මාණකරුවා මොහුය. මෙම අර්බුදය විසඳාදෙන බව කියා සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් පහත සඳහන් සමාගම්වලින් මෙම පුද්ගලයා අයථා ලෙස මුදල් ලබාගන්නා ලදී.

ද ෆිනෑන්ස් සමාගම - රුපියල් මිලියන 50යි, ඒෂියන් ෆිනෑන්ස් සමාගම - රුපියල් මිලියන 35යි, සෙලින්කෝ සේවින්ග්ස් බෑන්ක් - රුපියල් මිලියන 30යි, ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් - රුපියල් මිලියන 40යි, පිංගාරා කන්ට්‍රි ක්ලබ් - රුපියල් මිලියන 15යි, ද ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි - රුපියල් මිලියන 45යි, සෙලින්කෝ හවුසින් ඇන්ඩ් රියල් එස්ටේට් - රුපියල් මිලියන 600යි, නේෂන් බිල්ඩින් සොසයිටි - රුපියල් මිලියන 40යි, සසෙක්ස් කොලෝජ් - රුපියල් මිලියන 40 යි

යනාදී වශයෙන් මෙම පුද්ගලයා මෙම සමාගම්වල අධ්‍යක්ෂකවරුන්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්ට උපදෙස් දී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් පලා යන ලෙසයි. මෙම මුදල් තමා රාජපක්ෂවරුන් සමග බෙදා ගත් බවයි. එමෙන්ම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට සිංගප්පූරුවෙන් සිංගප්පූරු ඩොලර් මිලියන ගණනක් වටිනා නිවසක් මිලදී ගෙන දුන් බව ජනක රත්නායක ප්‍රසිද්ධියේම පවසමින් සිටී.

එසේ රාජපක්ෂ රෙජීමය හා දිවෙන් දිව ගාගෙන සිටි මෙම පුද්ගලයා මේ වන විට නව රජය සමග විවිධ සම්බන්ධතා ගොඩනගාගනිමින් සිටී. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විවිධ අවස්ථාවලදී ගත් ඡායාරූප සිය ජංගම දුරකතනයෙන් හැන්දෑ වරුවේ විවිධ සමාජශාලා වලදී විවිධ තරාතිරමේ පුද්ගලයන්ට පෙන්වා සිටීම ජනක රත්නායකගේ විනෝදාංශය වී තිබේ.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට සහ එහි තැන්පත්කරුවන්ගේ මුදල්වලට සිදුවූ දේ පිළිබඳව වත්මන් රජය පරීක්ෂණයක් පැවැත්වීමට අදහස් කරන් සිටින්නේ නම් ඒ සඳහා පලමුව ප්‍රශ්න කළයුතු පුද්ගලයා වන්නේ මෙම ජනක රත්නායක නැමැත්තාය. මොහු පිළිබඳව සහ මොහුගේ දූෂිත ගණුදෙනු හා ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP