Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

SLT මෑන් පවර් සර්විස් CEO නාමල් බේබි සමග රහස් ගණුදෙනු දිගටම


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ  අනුබද්ධ ආයතනයක්  ලෙස ක්‍රියාත්මක වූ SLT මෑන් පවර් සර්විස් ආයතනය දැන් හ්‍යුමන් කැපිටල් සොලියුෂන් ලෙස වෙනස් කර තිබේ. 

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධූරය දැරූ  ලීෂා ද සිල්වා චන්ද්‍රසේන මහත්මිය මෙම SLT මෑන් පවර් සර්විස් ආයතනයයේ ආරම්භක ප්‍රධානියා වූවාය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයාගේ පිහිටෙන් එහි නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරයා වූ රංජිත් රූබසිංහ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට පියාඹා ගියේය.

මෙම රංජත් රූබසිංහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රෙජීමයේ ඉද්දලයෙක් වන අතර රාජපක්ෂ පුත් නාමල් බේබිගේ පිහිටෙන් ලීෂාට ද්‍රෝහීකම් කර කාර්යාලයෙන් ඉවත් කරනු ලැබීය. මෑන් පවර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වූ දිනයේ සිට මෙකී රංජිත් රූබසිංහ ආයතනයේ බඳවා ගැනීම් සඳහා ප්‍රමුඛස්ථානය දෙනුයේ මැදමුලන අයත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයටයි. මෙකී රූබසිංහ තමාගේ ආත්මාර්ථකාමී අරමුණ කරා ළඟාවීම සඳහා  සමහර අවස්ථාවල රාජපක්ෂවරුන්ගේ ඕනෑම කුණක් සේදීමට  පවා පසුබට නොවේ. මෙවැනි ආවතේව පිහිටෙන් මොබිටෙල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී  දක්වා යාමට රූබසිංහට මංපෙත් පෑදුණි. මොබිටෙල් හා මෑන්පවර් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී රංජිත් රූබසිංහ සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් ද සිල්වා ගජමිතුදම එකතුවී හිටපු ජනාධිවරයා සමග රහස් මෙහෙයුමක යෙදෙමින් මැදමුලනට අවශ්‍ය ආකාරයට බඳවා ගැනීම් සිදුකරද්දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇස් කණ් වසා ගෙන සිටී.

ලලිත් ද සිල්වා - රංජිත් රූබසිංහ ගජ මිතුරන් විශාල වශයෙන් අල්ලස් හා දූෂණවලට සම්බන්ධ වූවන්ය. ජාතික හෙල උරුමය අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට දූෂිත ආයතන 7ක් සම්බන්ධයෙන් 2015 පෙබරවාරි මස 20 වෙනි දින පැමිණිලි කර ඇති අතර ඒ අතර මෙම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද ප්‍රධාන එකකි.

කෙසේ නමුත් මෛත්‍රීපාල සිරසේන මහතාගේ සොයුරා වන ශ්‍රී ලංකාටෙලිකොම් සභාපතිවරයා අතර රහසිගත ගිවිසුම අනුව මෙම ගජමිතුරන් දෙදෙනා තවමත් තම ධූරවල යෙහෙන් කල් ගෙවති.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP