Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

බැරි ටාසන් කෙනෙකුට සුදත් චන්ද්‍රසේකර අහුවෙයි? - 'දෙසතිය' ට අබ සරණයි.

වසර 35ක් මුළුල්ලේ අඛණ්ඩවම ශ්‍රී ලංකාවේ පළවන එකම පුවත් සඟරාව වන "දෙසතිය" සඟරාව වැඩ බැරි ටාසන් කෙනෙකුට භාර දෙන්නට යන බව Gossip Lanka Political වෙත වාර්තා වේ. 

ආරංචියේ හැටියට නම් මේ ගනුදෙනුව සිදුවන්නේ රනිල්ගේ ‍පුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර හරහාය. ඒ පසුගිය මැතිවරණ සමයේ එජාපයට ලියාදුන් මඩ පත්තර දෙකකට හිලවුවටය. 

මඩ මිසක් වැඩ බැරි මේ ටාසන් දැනට කරන්නේ ද අනුන්ගේ කොන්ත්‍රාත් කිරීමට පත්තර කතුකමක් කිරීමය. එහි හිමිකරුවා රාජපක්ෂ සමඟ දිව ඟා සිටි ප්‍රකට ව්‍යාපාරිකයෙකි. රාජපක්ෂට නොම්බර එකට කඩේ ගිය මේ හාදයා රාජපක්ෂ අන්තිම සමයේ එජාපයට මුක්කුව ගැසුවේ ඡන්දයෙන් පසු ජාමේ බේරා ගැනීමටය. 

මේ හාදයා ගැන සොයා බැලුවොත් එජාපයේ සිට පක්ෂ සාමාජිකත්වය තහනම් වූ ලොකුම පිල්ළියක් මොහුගේ ගජයෙක් බව දැනගත හැක. මේ හාදයා පත්තර කතුකමෙන් කලේ එජාපය භේද - බින්න කිරීමට මඩ ගැසීමය. ඒ අදාළ ගජමිතුරා 'පොර' කිරීමටය.

මේ හාදයා, පම්පෝරිකාරයෙක් ලෙස ද ප්‍රසිද්ධය. තමන් මහා පත්තරකාරයෙක් ලෙස තමන් ම කියා ගන්නා මේ හාදයාගේ පත්තරය පිටපත් 2000ක් වත් විකිණෙන්නේ නැතිය. මේ හාදයාට ක්ෂේශ්‍රයේ වැඩබැරි ටාසන් කියන්නේ එබැවිනි. එවැනි හාදයෙක්ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ "දෙසතිය" සඟරාව භාරදුන්නොත් සඟරාවට ද යහපාලනයට ද අබ සරණය. මේ වැනි හොරුන් හා දෙබිඩ්ඩන් ලං කරගත්තොත් යහපාලන ආණ්ඩුව ද දින 100ම ගෙදර යනු ඇත.

නොම්බර එකේ ගැනු පෙරේතයෙක් ද වන මේ හාදයා පසුගිය සමයේ අදාළ ආයතනයේ මුල්‍ය වංචාවකට පැටලුණේය. ඒ ගැන ද ගෑණු පෙරේතකම ගැන ද තවත් රස කතා ඉදිරියට. 

Share on Google Plus

Right to Reply