Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පුලුවන්නම් අල්ලගන්න - ශෂී වීරවංශ හැංගිලා ඉන්න තැන මෙන්න.

මේ වන විට රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා ලුහුබඳිමින් සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය මාළඹේ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමකින් තොරව කල් ගත කරන බව එම රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සැලකර සිටී. 

ශෂී වීරවංශ මහත්මිය පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් වැලකීම සඳහා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ අංක 429 දරණ සුඛෝපභෝගී පහසුකම් සහිත කාමරයේ සැඟවී සිටින බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ වන විට  එම කාමරයේ දොරටුවේ ‘No Visitors - Do not disturb' සඳහන් පුවරුවක් එල්ලා ඇති බවද සඳහන් වේ.

ඇය මෙම රෝහලේ නේවාසිකව සිටින බව රහස් පොලීසිය දනිතත් ඇයව අත්අඩංගුවට නොගෙන සිටින්නේ ටිකට් කපන තුරු බව අපට මෙම තොරතුරු ලබාදුන් තැනැත්තා පවසා සිටියේය.

මෙම රෝහල හිමි දොස්තර නෙවිල් ප්‍රනාන්දු මහතා රෝහල සම්බන්ධයෙන් මතුවූ කරුණකදී එය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න නොකිරීම සඳහා එකල විමල් වීරවංශ මහතාගේ හෝකන්දර නිවසේදී ශෂී වීරවංශ මහත්මිය හමුවී මිලියන 5 ක මුදලක් ඇයට ලබාදුන් බව එකල ප්‍රසිද්ධ වී තිබුනි.

Share on Google Plus

Right to Reply