Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘මාස එක හමාරක් තටමලා අහිංසක ගෑණියෙක්ව අල්ලලා' - විමල් වීරවංශ.

අප විසින් වාර්තා කළ පුවතේ ප්‍රතිඵලයක් වශයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාගේ බිරිඳ ශෂී විරවංශ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අවිධිමත් ලෙස රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ චෝදනාව මත ඇය අත්අඩංගුවට ගත් බව ය.

ඇය මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ සිටි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත.
තම බිරිඳගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ ‘රජය බලයට පත්වෙලා මාස එකහමාරක් මාධ්‍ය සංදර්ශන ගණනාවක් තියල අන්තිමට තෝරු මෝරු අතෑරල හාල්මැස්සෙක්ව අල්ලගෙන. මේ වරදට උසාවි ගෙනියන්න ඕනෙ පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මිසක් මගේ බිරිඳ නෙමෙයි. මීට වඩා කරුණු මට මාධ්‍යට කියන්න බෑ. අපි ඒව හෙට උසාවියෙදි බලා ගම්මු. මගේ පවුලට සිදු වෙච්චි අපහාසයට මම වන්දි නඩු පවරනව. අද බිරිඳව අත්අඩංගුවට ගත්ත නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරනවා. එච්චරයි මට කියන්න තියෙන්නෙ. අන්තිම ලැජ්ජයි මුළු ආණ්ඩුවක් එක්කහුවෙලා වීරයො වගේ දරුණු අපරාධකාරයෙක්ව අත්අඩංගුවට ගන්නව වගේ ගෑණියෙක්ව අල්ලන එක. හොඳයි අපි බලමුකො මොකද වෙන්නෙ කියල' යනුවෙනි.
අද(22) දින අත්අඩංගුවට පත්වූ ශෂී වීරවංශ මහත්මිය ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හෙට (23) කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Share on Google Plus

Right to Reply