Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රීට මඩගැසූ ගෝලයා ඩිලාන් සඟවලා!


පසුගිය ජනාධිපතිවරණ සමයේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මඩ අවලාද කතාවක් ගොතා නිර්මාණය කළ විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශයේ තොරතුරු තාක්ෂණ ඒකකයේ (IT Room) රොෂාන් නැමැති පුද්ගලයා මේ වන විට රටින් පිටකොට සිංගප්පූරුවේ රැකවරණ සපයා ඇති බව වාර්තා වේ. මෙසේ එම පුද්ගලයාට සිංගප්පූරුවේ රැකවරණ සපයා රැකබලා ගැනීම් කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරාය. 

දකුණු කොරියාවේ රැකියාවේ නියුතු තරුණියක් සමග මෛත්‍රීපාල සිරිසේන මහතා අයථා සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය බවට මෙම මඩ අවලාද කතාව නිර්මාණය කරනු ලැබුවේ මෙම රොෂාන් නැමැති පුද්ගලයා විසින් විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශයේ IT Room එකේදීය. ඒ සඳහා ඔහුව පොළඹවා ඇත්තේ හිටපු විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශය භාර අමාත්‍ය ඩිලාන් පෙරේරාගේ අනියම් බිරිඳ වන කනකා අබේරත්නය. මෙම කතාව ප්‍රචාරය කිරීම සඳහා සියලු මූල්‍ය ප්‍රතිපාදන විදේශ සේවා නියුක්ති කාර්ය්‍යංශය හරහා ඩිලාන් පෙරේරා විසින් සපයා තිබේ.

ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගැනීමත් සමග කොරියාවේ රැකියාවේ නියුතු තරුණිය ශ්‍රී ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම අවලාද කතාව පිළිබඳව පැමිණිල්ලක් කොට තිබේ. එහිදී ඇය විසින් ඊට සම්බන්ධ සියලුම අයගේ නම් ගම් හෙලිදරව් කර ඇත.

ඒ පිළිබඳව ආරංචි වීමත් සමග ඩිලාන්ගේ හොර අඹුව ඉහත කී රොෂාන් නැමැත්තාව තම වාහනයෙන් රැගෙන ගොස් ඇයගේ දේශපාලන හිතවත්කම් මත කටුනායක ගුවන්තොටුපොලින් සිංගප්පූරුව වෙත යවා තිබේ. එසේ සිංගප්පූරුවට ගිය රොෂාන් සිංගප්පූරුවේ චාන්ගි ගුවන්තොටුපොලෙන් රැගෙන යාමට පැමිණ ඇත්තේ ආරි නැමැත්තෙකි. මෙම ආරි නැමැත්තා කනකාගේ හිටපු සැමියාගේ මස්සිනාය (අක්කගෙ සැමියා). දැනට මඩ රොෂාන් සිංගප්පූරුවේ ආරිගේ නිවසේ සුවසේ කල් ගතකරන බව වාර්තා වේ. ඒ අතරතුර ඩිලාන් සහ කනකා යහපාලනයට සෙට් වෙමින් සිටී. ටික දවසකින් මඩ රොෂාන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රීලනිප නව මාධ්‍ය ඒකකයේ වැඩ භාරගනු ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment