Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද මෝදිගෙන් බඩපුරා කයි!


පසුගිය සති අන්තයේ පැවැත්වුණු මෝදි-මහින්ද හමුවේ දී ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තදබල ලෙස දෝෂාරෝපණය කර ඇති බව වාර්තා වේ.

ඉන්දීය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා චාරිකාවට දිනකට කලින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ 'හින්දු' පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් සඳහන් කර සිටියේ තමා බලයෙන් පහ කිරීම සඳහා ඉන්දියාවේ බුද්ධි අංශය වන ‘රෝ' වගකිවයුතු බවයි. මෙම සම්මුඛ සාකච්ඡාව පලවීමත් සමග ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාට ඉන්දීය අගමැතිවරයා හමුවීමට දී තිබූ අවස්ථාව වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත. නමුත් ඉන්දීය අගමැතිවරයා කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට පවසා ඇත්තේ තමාට මහින්ද රාජපක්ෂ වෙත විශේෂ පණිවිඩයක් දීමට ඇති බැවින් කෙසේ හෝ ඔහු හමුවීමට අවශ්‍ය බවයි.

ඒ අනුව ඉන්දීයානු මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වී ඇත.

එම හමුවේදී ඉන්දීය අගමැතිවරයා හිටපු ජනාධිපතිවරයාට ඔහු ‘රෝ' සංවිධානය පිළිබදව පලකළ අදහස් පිළිබඳව දැඩි අප්‍රසාදය පලකොට ඇත. ‘රටක බුද්ධි සේවය කියන්නෙ ඒ රටේ අත්‍යවශ්‍ය අංගයක්. 'රෝ' සංවිධානයට චෝදනා කරනව කියන්නෙ ඉන්දියාවට චෝදනා කරනව කියන එක. ‘රෝ' සංවිධානය කියන්නෙ ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවෙ ප්‍රභල ශාඛාවක්. මට ඒ පිළිබඳව වගකීමක් තියෙනව. මාව ඒකට අයිති වෙන්නෑ කියල බොරුවට මාව සනසන්න හදන්න එපා. රටක බුද්ධි අංශයත් රාජ්‍යතන්ත්‍රයත් අතර තියෙන සම්බන්ධතාවය පලපුරුදු දේශපාලඥයෙක් වශයෙන් ඔබ තුමාට තේරුම් ගන්න බැරිනම් ඔබතුමා දේශපාලනය කරන්න එපා. ඒක ඔබතුමා ඔබතුමාගෙ රටට කරන විශාල හානියක්' යනුවෙන් ඉන්දීය අගමැතිවරයා රාජපක්ෂ මහතාට රාජතාන්ත්‍රික ක්‍රියාකලාපයන් පිළිබඳව දේශනයක් පවත්වා ඇත.

ඉන්දීය අගමැතිවරයාගේ  දේශනයට සාවධානයෙන් සවන් යොමා සිටි හිටපු ජනාධිපතිවරයා ඔහුගෙන් සමුගෙන ඒමට ප්‍රථම සිනාසෙමින් අතට අත දී ඇති මෝදි මහතා ‘මහින්ද පැවත එන්නෙ ඉන්දියාවෙන්. ඒක මතක තියාගෙන වැඩ කරන්න' යනුවෙන් සුහද ඉල්ලීමක් කර තිබේ.
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP