Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

යහපාලනය මහින්දවාදීන්ට මිස අපට නොවේ?


අවුරුදු ගානක් තිස්සේ හිතේ තිබිනු දේ කියාගන්න බැරුව හිටිය අපිට අලුත් නිදහසක් ලැබිලා. කෙනෙකුට මෙය වල්බූරු නිදහසක් කියල කියන්න පුළුවන්, තවත් කෙනෙකුට මෙය මාර ආතල් එකක් වෙන්න පුළුවන්, තවත් කෙනෙකුට මෙය මල පනින වැඩක් වෙන්න පුළුවන්. මට නම් මෙය මල පනින වැඩක්. මොකද,අවුරුදු ගානක් අපිට අපේ දේශපාලන අදහස් එලියට දාන්න උනේ හැංගිලා අහුමුලු වල ඉදගෙන. ඒ නිසා ඒවා එලියට ආවේ නැ, එලියට ආව නම් අද අපිට මෙහෙම ජිවත් වෙන්න ලැබෙන්නෙත් නැ. කලාකරුවෙක් විදියට අපේ දේශපාලන අදහස් එලියට දාන්න වුනේ හොර රහසේ තැන් තැන්වල. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රජය කාලයේ ඒ වෙනුවෙන් කඩේ ගිය ඔහුගෙන් හොදට හම්බ කරගත්තා කලාකරුවන්ට නම් අද මේ නිදහස මාර ආතල්. මොකද ඔවුන්ට මේ භීතිය දැනෙන්නේ නැහැ යහපාලනය නිසා, අද සමහර කලාකරුවන් හා පුද්ගලයන් දැන් ඉන්න මෛත්‍රීපාල ජනාධිපතිවරයාට කියන දේවල් අපි ඒ කාලේ හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිව්වා නම් අපිට නිවන් සැප ලැබිල හුගක් කල්. අද ප්‍රසිද්ධියේම මහින්දවාදී කලාකරුවෝ තමන්ගේ දේශපාලන මත වාදය ප්‍රකාශ කරනවා, මොකද කොයි මොහොතක හෝ මහින්ද නැවත රජ වුනොත් කලින්ට වඩා හොදට සැප ලබන්න. ඔවුන්ට එදා සැප තිබුනා, අද ඔවුන්ට යහපාලනය නිසා විවේචනය කරන ආතල් එකක් ලැබිලා.

අපි මෛත්‍රීපාල මහත්තයා බලයට ගෙන්න වැඩ කලේ ඉතාම හොර රහසේ, මොකද මෛත්‍රීපාල ජනාධිපති පැරදුනා නම් අපිව කුඩුකරන නිසා. ඒ නිසා අපි කරපු දේ සමහරවිට කොච්චරද කියලා අද බලයේ ඉන්න අය දන්නෙත් නැ. ඒවා කලේ හොර රහසේ නිසා. හැබැයි මහින්දට කඩේ ගිය අයට අද ආණ්ඩුවට විරුද්දව වැඩ කරන්න ලයිසන් එක ලැබිලා. ඒවා ජාතික මාධ්‍යවල හොද සැපට ප්‍රචාරනය කරනවා, මේක සුළුපටු නිදහසක් නෙමෙයි. මේ නිදහස කොච්චරද කියල දැනෙන්නේ අපිට. මොකද අපිට ඔය නිදහස අහලකටවත් තිබුනේ නැති නිසා. ඒගොල්ලන්ට ඒ බය කොහොමත්ම දැනුනේ නැ. කලින් ඔවුන් හිටියේ රාජ්‍ය බලයත් එක්ක, අද ඔවුන් ඉන්නේ යහපාලනයත් එක්ක. අද රාජ්‍ය මාධ්‍ය ආයතනවල වැඩිපුර පෙනී සිටින්නේ මෛත්‍රී විරෝධී කලාකරුවෝ. අපි මේකට හරි කැමතියි. මොකද අපිට ඕනකලෙත් මෙන්න මේ වෙනස, කලාකරුවෝ කිහිපදෙනෙක් මෛත්‍රීපාල ජනාධිපති තුමාට තවමත් හරිම ලස්සනට මඩ ගහනවා. සමහර දේශපාලකයන්ට මහින්ද රාජපක්ෂ මහත්තයා තවමත් අතිගරු ජනපති. මෛත්‍රී ජනාධිපතිතුමා සිරිසේන ජනාධිපති, මේවා බොහොම ලස්සනට රාජ්‍ය මාධ්‍යවල ප්‍රචාරණය වෙනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට මඩ ගහලා හදපු ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වෙනවා. මේ ආණ්ඩුව ආවට පස්සේ ගිය ආණ්ඩුව පගාව දීල ටෙලිනාට්‍ය දාගත්ත මහින්ද හිතවාදීන්ගේ ටෙලිනාට්‍ය රාජ්‍ය නාලිකාවල අද ලස්සනට පගාවක් නැතිව විකාශය වෙනවා. මේක තමයි යහපාලනය.

අපිට මේක මාර ආතල්, මොකද අපිටත් ඕනේ වුනේ මේක තමයි. පරණ සිස්ටම් එක වෙනස් කරන්න. ඒක භුක්ති විදින්නේ මහින්ද ගැත්තෝ වුනාට අපි මේකට හරි කැමතියි, මොකද මේ තියෙන්නේ ලැජ්ජාව සහ ආත්මාභිමානය පිළිබද ප්‍රශ්නයක් නිසා. ඒ කාලේ අපේ ටෙලිනාට්‍යක් ජාතික රූපවාහිනියේ, ITN එකේ දාන්න තියා දාන්න පුලුවන්ද කියලා අහන්නවත් බෑ. ඒ ගැන කියලා වැඩක් නෑ ඒක ගැන හුගදෙනෙක් දන්න නිසා. පගාවට ටෙලිනාට්‍ය රාජ්‍ය නාලිකා වල දාගත්ත එක රහසක් නෙවෙයි, ඒක පාර්ලිමේන්තුවෙත් කිව්වා. හැබැයි ඔය, දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩකරන මහා කලාකරුවන්ට එදා කොන්දක් තිබුනේ නෑ. අඩුගානේ ඒකට විරුද්ධව කතා කරන්න, යහපාලනය නිසා එදා නැමිලා තිබුන ඒගොල්ලන්ගේ කොන්ද අද කෙලින් වෙලා.

හැබැයි මේ තුනේ පන්තියේ වැඩ කරන කලාකරුවන්ට කියන්න තියෙන්නේ හිතට එකගව වැඩ කරන්න. තමන්ට ලැබුණු මේ බරපතල නිදහස හෑල්ලුවට දාන්න එපා. ඒක තමන්ගේ වලටත් හෙන ගහන වැඩක්, ඇත්තම කියනවානම් අද මේ ආණ්ඩුවෙන් වැඩිපුර ඵල ප්‍රයෝජන ගන්නේ මෛත්‍රීපාල මහත්තයාවත් UNP එකවත් දිනවන්න මර බයෙන් වැඩකරපු අය නෙමෙයි. එළිපිට දේශපාලය කරන්න, එළිපිට ආණ්ඩුව විවේචනය කරන්න බැරුව තිබුණු රටක ඒ නිදහස ලැබුණු එක කොයිතරම්ද කියල දැනෙන්නේ අපිට ඒක තිබුනේ නැති නිසා. මහින්දවාදී කලාකරුවනි අන්න ඒ ටික පොඩ්ඩක් මතක තියාගන්න.


- මෛත්‍රී වෙනුවෙන් වැඩකළ කලාකරුවෙක්-

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP