Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘මෝඩිගේ නම යනවා මගේ හම යනවා'


(ඉන්දීය අගමැතිගේ සංචාරය පිළිබඳ හිටපු ජනාධිපතිගේ විග්‍රහය)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පදිංචිව සිටින්නේ නුගේගොඩ මිරිහාන පාරේ ඔහුගේ වෙදා වන එලියන්ත වයිට් හට අයත් නිවසකය.  මෙම නිවස එලියන්ත වයිට් විසින් හිටපු ජනාධිපතිවරයාගේ පාවිච්චිය සඳහා වෙන්කර දී ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කර සිටී.

හිටපු ජනාධිපතිවරයා හමුවීම සඳහා ඔහුට සමීප පුද්ගලයන් එම නිවසට යාම් ඊම් කරනු ලබයි. ඊයේ (15) ඔහු හමුවී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ සංචාරය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා පුද්ගලයන් කිහිප දෙනෙකු එම නිවස වෙත ගොස් තිබේ.

ඔවුන් හමුවූ හිටපු ජනාධිපතිවරයා මුලින්ම අදහස් දක්වා ඇත්තේ ඔහු හා ඉන්දීය අගමැතිවරයා අතර සිදුවූ හමුවීම පිළිබඳවය. ‘මෝඩි හොඳ එකා. නමුත් ‘රෝ'  කාරයින්ගෙන් තමයි බේරෙන්ඩ බැරි. මෙහේ හිටපු ‘රෝ' එකේ ලොක්කා ඉලංගෝවන් තමයි මට කෙලියෙ. ඌ ගැන ඔත්තු බලන්න ගෝඨා ටීම් කීපයක්ම දාල තිබ්බා. බලන කොට ඒ ටීම් කීපයම රෝ එක වෙනුවෙන් අපි ගැන ඔත්තු බලලා. පස්සෙයි අපට තේරුනේ. ඒ වෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ඉන්දියන් කාරයින්ට ඕනවුනේ මාවත් ටාජ් හෝටලයට ගෙන්වල මෝදි ව මුණ ගස්සන්න. මං ඒකට කැමති වුන්නෑ. මට ඕන වුනේ මෝදිත් එක්ක තනියම විනාඩි 10 ක් කතා කරන්න. ඒකයි මම මහ කොමසාරිස්තුමාගෙ ගෙදරදි මෝදිව හම්බවුනේ. උන් වැඩ කරන්න ඕනෙ මට ඕන විදිහට මිසක් මම උන්ගෙ පදේට නටන්නෑ' යනුවෙන් පවසමින් මහින්ද රාජපක්ෂ මහතා තමා මෝදි අගමැතිවරයා හමුවූ ආකාරය විස්තර කොට තිබේ.

එවිට එම ස්ථානයේ සිටි හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂකයා වන මේජර් නෙවිල් සිල්වා ජනාධිපතිවරයාට මතක් කර දී ඇත්තේ බත්තරමුල්ල ‘අපේගම' අසල පිහිටි 'ඉන්දීය විරු ස්මාරකය' වෙත ඉන්දීය අගමැතිවරයා රජය විසින් රැගෙන ගිය ආකාරයයි. මහින්ද රාජපක්ෂ මහතා ඒ පිලිබඳව අදහස් දක්වමින් ‘ඔය ඉන්දීය විරු ස්මාරකය තනිකර මගේ සංකල්පයක්. ඉඩම දුන්නෙ ගෝඨා. අපි ඕක නොහදන්න එහෙම එකක් ලංකාවෙ නැහැ. මුන් නිකන් හරියට මුන්ගෙ ආණ්ඩුව හදපු එකක් වගේ ලැජ්ජ නැතුව අපි හදපු තැන්වලට ඉන්දියාවෙ කට්ටිය එක්කන් යනව. දැන් බලන්න තලෛයි මන්නාරමේ කෝච්චි පාර. මං කොච්චර මඩ කෑවද ඕවා හදන්න.  මම ඒවලින් අච්චර ගැහුවයි මෙච්චර ගැහුවයි කියල  මුන් මට මඩ ගහනව. දැන් මුන් හදපු ඒවා වගේ ඒවා විවෘත කරන්නෙ. මට ආරාධනාවක් තියා මගේ නමවත් මුන් කියන්නෑ. මේක තමයි මුන්ගෙ ලැජ්ජා නැති යහපාලනේ' යනුවෙන් ඔහු හමුවීමට පැමිණි පිරිස ඉදිරියේ හිටපු ජනාධිපතිවරයා හිත් වේදනාවෙන් පවසා ඇත.

‘මට කෙලියෙ ‘‘රෝ'' එක විතරක් නෙමෙයි. සෝභිතල, රතනල විතරක් නෙමෙයි මගෙන් මෙච්චර උදව් ගත්ත මල්වත්තෙ මහඑකත් අන්තිමට මටම කෙලිය. දැන් ඕකුන් හැම එකාටම යහපාලනේ රඟ තේරිලා. තව ටික දවසකින් ඔය හැම එකෙක්ම මගේ දෙපතුල ගාවට එනවා. එදාට මං බලා ගන්නම්කො' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ බුද්ධපුත්‍රයින් වහන්සේලා පිළිබඳව ඔහු තුල උපන් අපරිමිත කරුණාවෙන් නොවන බව මේ පිළිබදව අපට තොරතුරු හෙලිකළ පුද්ගලයා සඳහන් කර සිටියේය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP