Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියට ‘රිවිර' මිලදී ගැනීමට මුදල් ලැබුනේ කෙසේද?


ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය ‘රිවිර' පුවත්පත මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 100 ක මුදලක්  සොයා ගනු ලැබුවේ කෙසේද යන්න පිළිබඳව ගැටළු සහගත බව ක්ෂේත්‍රයේ කා අතරත් මේ දිනවල සිදුවන කතාබහකි.

ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය 2001 වසරේ ‍දෙසැම්බර් 31 සෞඛ්‍ය දුබලතා හේතුවක් (Medical condemn) යැයි අඟවා සක්‍රීය සේවයෙන් අස්වූවෙකි.  එම කාලය  වන විට කර්නල්වරයෙකුට මාසික වැටුප රුපියල් 40000- 50000ත් වූ අතර ඔහුගේ බිරිඳ කිසිදු රැකියාවක නිරත නොවුනි. එවැනි පුද්ගලයෙකු මිලියන සීයක් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ‘ලංකා නිවුස් වෙබ්' කළ සොයා බැලීමේදී ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය අයථා මුදල් උපයා ගැනීම සම්බන්ධ කරුණු රැසක් අනාවරණය විය.

ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය යනු හිටපු ඇමරිකානු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේ සොයුරාය. මොවුන් දෙදෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරන්ය. අනෝමා ලෆීර් යනු ඔවුන්ගේ සහෝදරියයි. මුලතිව් සටනේ දිවිපිදූ කර්නල් ෆස්ලි ලෆීර්ගේ බිරිඳ වන අනෝමා හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරියක වශයෙන් සේවය කළාය.

හමුදා සේවයෙන් ඉවත් වූ ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය ඇමරිකාවේ ඇට්ලන්ටාවල පදිංචියට ගියේය. පසුව කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියගේ සොයුරු, ඇමරිකාවේ ශ්‍රී ලංකා හිටපු තානාපති ජාලිය වික්‍රමසූරියට  අයත් ‘රෝයල් සිලොන් ටී ප්‍රයිවෙට් ලිමිටඩ්' ආයතනයේ තේ විකිණීමට සහාය විය. එහිදී කල් ඉකුත් වූ තේ නැවත අසුරා ව්‍යාජ කල් ඉකුත් වන දිනයක් යොදමින් ව්‍යාපාරය ජයටම කරගෙන යනු ලැබීය. නැවත තේ ඇසුරුම් සකස් කිරීම සඳහා යොදා ගනු ලැබුවේ ශ්‍රී ලංකා රජයෙන් වැටුප් ලබන ඇමරිකානු ශ්‍රී ලංකා  තානාපති කාර්යාලයේ සේවකයන්ය. ශ්‍රී ලංකාවෙන් අඩුමිලට ලබාගත හැකි තෙවන පන්තියේ තේ හා කල් ඉකුත්වීමට ආසන්න තේ ඇසුරුම්කරමින් වික්‍රමසූරිය සහෝදරයන් ගෙනගිය ජාවාරම ඇමරිකානු බලධාරීන්ට හසුවූයේ නම් ශ්‍රී ලංකා තේ ඇමරිකාවට යැවීම සපුරා තහනම් වීමට ඉඩ තිබුනි.

මෙකී තේ ඇමරිකාවට ගෙන්වා ගැනීමට ප්‍රවාහන නැව් පහසුකම් සපයාගත්  ‘හේලීස් ෂිවාරෝ'  ඇතුළු තවත් ව්‍යාපාර  4  කට ලක්ෂ 120 ක පොලු තැබූ වික්‍රමසූරිය සහෝදරයින්ගෙන්  එම ආයතන එම මුදල් ඉල්ලූ විට රාජපක්ෂලාගේ බලය පාවිච්චි කරමින් තර්ජනය කර එයින් බේරීමට සමත් විය. දැන් රාජපක්ෂලාගේ පාලනය අවසන් වී ඇති හෙයින් යහපාලනය යටතේ එම ආයතන තම අයිතීන් ඉල්ලා සිටීමට තීරණය කර තිබේ.

ඒ නුව නියෝජ්‍ය පොලිස් පති  රවී විද්‍යාලංකාර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන මූල්‍ය වංචා විමර්ශණ පොලිස් ඒකකට ලුතිනල් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය හා ජාලිය වික්‍රමසූරිය  සිදුකර ඇති  වංචා සම්බන්ධයෙන් අගතියට පත්වූ පාර්ශවයන් පැමිණිලි කිරීම නොබෝ දිනකින් සිදුවනු ඇත.

මෙහි ප්‍රශ්නගත කරුණ වන්නේ ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සේවය කළ ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරියට සේන යද්දෙහිගේට අයත් වූ ‘රිවිර මීඩියා කෝපරේෂන්' ආයතනය මිලදී ගැනීමට එකවර රුපියල් මිලියන 100කට අධික මුදලක් ලැබුනේ කෙසේද යන්නයි. අප වෙත වාර්තා වන පරිදි ඇමරිකාවේ ඇට්ලන්ටාවල පදිංචිව සිටි ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය හා ඔහුගේ පවුලේ උදවිය මේ වන විට එම පෙදෙසින් අතුරුදන් වී තිබේ. ඔවුන් ඇමරිකාවේ සියැටල් ප්‍රදේශයේ ජීවත්වන බව තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කර සිටී.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP