ගෝඨා - රාජිත - චන්ද්‍රප්‍රේම හමුවක්.
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා ජේෂ්ඨ මාධ්‍යවේදී හා ගත් කතුවර සී.ඒ. චන්ද්‍රප්‍රේම අතර හමුවක් පසුගිය දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ අවන්හලක සිදුවී ඇති බව වාර්තා වේ. මෙම හමුව සංවිධානය කර ඇත්තේ මාධ්‍යවේදී චන්ද්‍රප්‍රේම නොහොත් තඩි ප්‍රියන්ත විසිනි.
මෙම චන්ද්‍රප්‍රේම නොහොත් තඩි ප්‍රියන්ත නැමැත්තා හා රාජිත සේනාරත්නගේ සම්බන්ධය අවුරුදු 25 ඉක්මවා යන්නකි. 88/89 ජනතා විමුක්ති පෙරමුනේ නැගිටීමට එරෙහිව ‘ප්‍රා' සංවිධානය මෙහෙයවන ලද්දේ රාජිත සේනාරත්න සමග සී.ඒ. චන්ද්‍රප්‍රේම විසිනි. එකී මිතුදම ඔවුන් දෙදෙනා තවමත් පවත්වාගෙන යනු ලබයි.
මෙම හමුවීම පැවැතී ඇත්තේ ඔවුන් තිදෙනා අතර පමනි. නමුත් එම හමුවීමෙන් අනතුරුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා ජනවාරි 09 වන දා සිදුවූයේ යැයි කියන හමුදා කුමන්ත්‍රණය සිදුවූ බවට සාක්ෂි නැතැයි මාධ්‍යට සඳහන් කර සිටියේය.
Comment
Facebook Comment