Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'පුතාගෙ කේස් එක අරගෙන රාජිතට ගහන එක මෝඩකමක්' - හිටපු ජනාධිපති කියයි.


'රාජිතගේ පුතාගේ ඔය කේස්එක අපිට ආවෙ ජනාධිපතිවරණය කාලෙ. ඒගැන අපි හොයනව කියල දැනගත්තම සුජාතා (රාජිතගේ බිරිඳ) ඇවිල්ල මාව හම්බවෙලා ඔය කියන ගෑණු ළමයා ඒ අයත් එක්ක ඉන්න ෆොටෝ කීපයක් පෙන්නුවා. ඒ ගෑණු ළමයා රාජිතගෙ පුතා එක්ක ඉන්නෙ කැමැත්තෙන්.

අපි අත්හැරල දාපු කේස් එකක් තමයි දැන් ඔය යූ.එන්.පී. එක කරේ තියන් දුවන්නෙ.'

යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා ඔහුට හිතවත් මාධ්‍යවේදීන් කිහිප‍දෙනෙකු හමුවේ පවසා සුජාතා සේනාරත්න විසින් ඔහුවෙත රැගෙන ආ ඡායාරූප කිහිපයක් අදාල මාධ්‍යවේදීන්ට ලබාදී ඇත.

(එම ඡායාරූප පහතින් පළකරනු ලැබේ.)

'රාජිත කියන්නෙ නීලකාස හොරෙක්. ළමයින්ව අල්ලගෙන රාජිතට ගහන්න ඕන නැහැ. කොටින්ම කියනව නම් අපේ මාලු යුරෝපය ගන්න එක නැවැත්තුවෙ රාජිතගෙ අමන වැඩ නිසා. චීන ට්‍රෝලර් යාත්‍රාවලට ලංකාවෙ කොඩිය ගහගෙන මාලු අල්ලන්න අවසර දුන්නෙ රාජිත. රාජිත චීන්නු එක්ක එකතුවෙලා බිලියන ගාණක් හොයල තියෙනවා.චීනෙ එක්ක අපේ තියන හිතවත්කම නිසා ඒව අදින්න බෑ.  ධීවර ඇමතිකමෙන් මහින්ද විජේසේකරට වඩා හොයපු මිනිහෙක් තමයි රාජිත කියන්නෙ. බොදුබල සේනාව අල්ලගෙන අපි රාජිතට ගහපු වෙලාවෙ මිනිහ මං ළඟට ඇවිල්ල වැඳල කිව්වෙ ඤානසාර හාමුදුරුවන්ට කියල මේක ෂේප් කරල දෙන්න කියල. පස්සෙ මම ගෝඨ ලව්ව ෂේප් කළා.' යනුවෙන් රාජිත සේනාරත්න ඇමතිවරයාගේ අතීත ක්‍රියාකාරකම් පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබේ.

'රාජිතව අපිට කොටු කරගන්න ඉඩ නොදුන්නෙ අපේ බැසිල්. ඒ දෙන්න එක ඉස්කෝලෙ, එක පංතියෙ යාලුවො. අන්තිමට බැසිල්ව ඇමරිකාවට යැව්වෙත් රාජිත.බැසිල් මිනිහව බලාගත්ත. අන්තිමේ මිනිහ බැසිල්ව බලාගත්ත.' කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ ආණ්ඩුව කාලයේ ඇතුළතින් සිදු වූ සිද්ධි මාධ්‍යවේදීන්ට විස්තර කර දී ඇත.






Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP