Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මේ SBගේ ජඩ කම පමණක් නොවේ.

වැදගත් එස් බී ගේ ඕනෑම කුණු ගොඩක ලගින කම නොවේ. ඕනෑම පැත්තකට හරවන කුණු කානු කට නොවේ.. තමන්ට නින්දා අපහාස කලද බලය රැකගැනීම වෙනුවෙන් ඇමතිකම් දෙන රනිල්, මෛත්‍රී, චන්ද්‍රිකා නොවේ .. ක්‍රමය කුණු වී ඇති තරමය. පසුගිය ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ‘රෙදි ගලවනවා’ යනුවෙන් පැවසූ අවස්ථාවේ තමා අදහස් කළේ ඇය නිරුවත් කරන බවක් නොවේ යයි අමාත්‍ය එස්බී දිසානායක පවසන්නේ එයින් මතු වන්නේත් ඒම කාරනාවය.

“අපි මේ ඈත ගම්වල ඉපදිච්ච හොඳ බොහොම හොඳ ගැමියෝ. අපි සිංහල භාෂාවෙන් උඹේ රෙද්ද ගලවනවා කියන්නේ රෙද්ද ගලවනවා කියන එක නෙවෙයි,” යනුවෙන් ඇමතිවරයා සඳහන් කළේය

“ඒක මේ සිංහල භාෂාවේ තියන සරල වචනයක් උඹ හෙළිදරවු කරනවා කියන එක. ඒක අපි අපේ ප්‍රතිවාදී පිලේ සියලු දෙනාටම කියන දෙයක්නේ?” ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය එස් බී කියයි.

නැවත නැවත අපි කියන්නේ. මෙය හුදෙක් බලයට පෙරේත කම පමණක්ම නොවේ. විමල්ද බලයට දැඩි පෙරේතයෙකි. විමල් දැන් මේ සියළු රැගුම් රගන්නේ රටකට ආදරෙන් නොවේ. එහෙත් විමල් තවම රෙද්දක් ඇඳගෙනය. ඒ බොහෝ විට හෙට දවසේ බලය මෙන්ම විඳි බලය වෙනුවෙන්ය. එස් බී නිරුවත්ය. එහෙත් ජනතාව.. සත්‍ය තේරුම් ගන්නා ජනතාව මෙව්වා තේරුම් ගනියි සිතනවාද? ජනතාව ඊට කැමතිය. ඒ කියන ජනතාවද මේ ක්‍රමයේ එස් බී පන්නයේ මිනිසුන්ය.

Share on Google Plus

Right to Reply