Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ෆොන්සේකා 'ෆීල්ඩ් මාෂල්' කමට අනුග්‍රාහකයන් සොයයි!

නුදුරේදීම ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් තනතුරට පත්වීමට නියමිත ජෙනරාල් සරත් ෆොන්සේකා එම නිලය සඳහා පැලදිය යුතු පදක්කම් ලාංඡන හා නිල ඇදුම් සඳහා අනුග්‍රාහකයන් සොයමින් සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 

මෙකී ෆීල්ඩ් මාෂල් තනතුරට අයත් පදක්කම් සහ ලාංඡනවල අනුරූ එංගලන්තයෙන් ගෙන්වා ඊට සරිලන ආකාරයට ඒවා සැකසීම ජෙනරාල් ෆොන්සේකාට තම පුද්ගලික වියදමින් කිරීමට සිදුවී තිබීම නිසා මෙම ගැටලුව පැන නැගී තිබේ. ඊට ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් කිසිදු අනුග්‍රහයක් නොලැබීම නිසා නිල ඇඳුම, යෂ්ඨිය හා පදක්කම් ඔහුට පුද්ගලිකව නිර්මාර්ණය කර ගැනීමට සිදුවී ඇත.

මේ සඳහා සැලකියයුතු මුදලක් වැය වන බැවින් ජෙනරාල් ෆොන්සේකා තම හිතවතුන් හමුවී ඒ සඳහා තමන්ට අනුග්‍රහකත්වය සපයන ලෙස ආයාචනය කිරීමට පෙළඹී තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ෆීල්ඩ් මාෂල් ධූරය නිසා පදක්කම් සහ ලාංඡන රත්තරනින්ම නිම කරන ලෙස යුධ හමුදාවෙන් ලැබුණු උපදෙසට සරත් ෆොන්සේකා මහතා කෝප වී සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Share on Google Plus

Right to Reply