Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ෆොන්සේකාගේ කොක්ටේල් පාටියේ පාස් මේජර් කපිල රත්නායක විකුණලා!

හෙට (22) ෆීල්ඩ් මාෂල් ධූරයට උසස් වීම ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා විසින් පැවැත්වීමට නියමිත කොක්ටේල් පාටියේ ආරාධනා පත්‍ර, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මාධ්‍ය අංශය භාරව කටයුතු කරන මේජර් කපිල රත්නායක ඉහළ පෙලේ ව්‍යාපාරිකයන්ට විකුණා ඇති බවට චෝදනා එල්ල වෙමින් පවතී.

සරත් ෆොන්සේකා මහතාව අන්දවමින් ආරාධනා පත්‍ර 50 ක් ලබා ගෙන මේජර් කපිල රත්නායක ධනවත් ව්‍යාපාරිකයන් තනිවම හමුවෙමින් එම ආරාධනාපත්‍ර ඔවුන් වෙත ලබාදී ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට යැයි කියමින් මුදල් ආධාර එකතු කරගෙන ඇත. මෙසේ එකතු කර ගත් මුදල් ආධාරවලින් කවර ප්‍රමාණයක් පක්ෂයේ අරමුදලට බැරවීද? කපිල රත්නායකගේ ගිණුමට කවර ප්‍රමාණයක් බැරවීද? යන්න සොයා බලා තමාට වාර්තා කරන ලෙස සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ප්‍රධානියෙකුට නියෝග කොට ඇත. මහින්ද-මර්වින් අතර පැවති ආකාරයේ සම්බන්ධතාවයක් ෆොන්සේකා හා රත්නායක අතර පවතින බැවින් ඔහුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ෆොන්සේකා විසින් නොගන්නා බව අප වෙත තොරතුරු ලබාදුන් පුද්ගලයා හෙලිකර සිටියේය.

Share on Google Plus

Right to Reply