Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද අබේසුන්දරගේ සුරතලිය යලි දිනමිණට.


රාජපක්ෂ සමයේ දිනමිණ පුවත්පතෙහි මඩ කර්තෘ වූ මහින්ද අබේසුන්දරගේ මාධ්‍යයේ  සුරතලියක වූ විජයානි අබේසුන්දර නව  ලේක්හවුස් පාලනය යටතේ ද ආරක්ෂක (බොරු) ලියුම්කාරිය වශයෙන් මතු වී තිබේ. 

රාජපක්ෂ සමය පුරා විවේචනාත්මක ජනමාධ්‍යවේදීන්ට කොටි ලේබලය ඇලවීම රාජකාරිය කර ගෙන සිටි විජයානි නව ආන්ඩුව බලයට පත් වීමෙන් පසු ටික දිනක් සැඟවී සිට  දිනමිණ නව කතුවරියගේ අනුහසෙන් යළි සිය බලය තහවුරු කර ගෙන තිබේ.

දිනමිණ පුවත්පතෙහි නව කතුවරිය රාජපක්ෂ සමය පුරා මඩ කර්තෘ මහින්ද අබේසුන්දර යටතේ ප්‍රධාන උප කතුවරිය වශයෙන් සියලුම මඩ ශිර්ෂ පාඨ සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තිය වේ.

නව ආන්ඩුව බලයට පත්වීමෙන් පසු හිටපු ජනමාධ්‍යවේකුගේ කරේ එල්ලී විරෝධතා පිකට් ගණනාවකට සහභගී වූ ඇය දිනමිණ කතුවරිය වශයෙන් පත්වූවා ය.

විජයානී එදරිසිංහ විසින් ලියා පල කරන ලද පහත සඳහන් වාර්තාව පිරී ඇත්තේ අසත්‍යන් සහ අර්ධ සත්‍යන්ගෙනි. 
“මුහුදු කොටි නායිකාවක් ප්‍රංශයට පනින්න හදලා
විජයානි එදිරිසිංහ

කොටි ත්‍රස්තවාදී සංවිධානයේ මුහුදු කොටි නායිකාව ලෙස කටයුතු කළැයි කියන මුරුගේසු පහිරවී නොහොත් මුරු පෙරේදා මෙරටින් ප්‍රංශයට පැනගැනීමට උත්සාහ කරද්දී කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය කොටි සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය පරිපාලන කොටි නායකයා ලෙස කටයුතු කරන සුබ්‍රමනියම් ජයගනේෂන් යන අයගේ බිරිය ලෙස ද හඳුනාගෙන තිබේ.’’

මෙම වාර්තාවේ සඳහන් වන පරිදි මෙම කාන්තාව ප්‍රංශයට පනින්න හැදුවාය යන්න බොරුවකි. ඇය තමා 02 චන ප්‍රංශයට යන බව රහස් පොලිස් නිලධරීන්ට දන්වා තිබූ අතර ඇය ගුවන් තොටුපලට පැමිණියේ නියමිත නීත්‍යනුකූළ මාර්ග අනුව යළි ප්‍රංශයට යෑමට ය. ඇය ජීවත් වන්නේ ප්‍රංශයේ බවත් ලංකාවට පැමිණයේ දෙමාපියන් බැලිමට මසකට පෙර බවත් වාර්තාවේ සඳහන් නොවේ. ඇය 2000 වසරෙහිදී එල්ටීටිඊ මුහුදු කොටි සංවි‍ධානයෙන් ඉවත්ව 2005 වසරෙහි දී ප්‍රංශයට ගොස් එහි ජීවත් වන බව ද වාර්තාවෙහි සඳහන් නොවේ. වසරේදී ඇයගේ සැමියා එල්ටීටීඊ සංවාධානයේ තවමත් කටයුතු කරන බව තහවුරු වූ කරුණක් නොව සැකයකි.

මෙම වාර්තාව  සමස්තයක් ලෙසම පාඨකයා නොමඟ යවන එකකි. මෑත දී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ජාතිවාදය අවුස්සන ජනමාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කරන ලද විවේචනය  විජයානි වැනි පට්ට ජාතිවාදීන්ට අදාළ වන බව ලේක්හවුස් ප්‍රධානීන් දන්නේ නැත් ද?


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP