Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ව්‍යවස්ථාදායක සභාව ව්‍යවර්ථ කිරීමේ කුමන්ත්‍රණයක්?

විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කරන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා තම පක්ෂයේ සහයෝගය ලබාදෙන බව මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිළ වශයෙන් ප්‍රකාශ කර තිබේ. විමල්-දිනේෂ්-වාසු-ගම්මන්පිල අනාථ කල්ලිය සහ ශ්‍රීලනිපයේ මහින්ද හිතවාදී කල්ලිය මෙය ව්‍යවර්ථ කිරීමේ කුමන්ත්‍රණයක් සිදකිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටී.

කුමන අයුරකින් හෝ 19 සම්මත වුවහොත් මහින්ද හිතවාදී කල්ලිය කුමන්ත්‍රණය කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු අඩපන කිරීමයි.  මේ සම්බන්ධයෙන් විමල්-දිනේෂ්-වාසු-ගම්මන්පිල කල්ලිය සහ මහින්ද හිතවාදී ශ්‍රීලනිප කණ්ඩායම ජී.එල්. පීරිස්ගේ නිවසට රැස්වී සාකච්ඡා කර තිබේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු නැවත ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරන අතර ඒ සඳහා සාමාජිකයන් පත් කරන ව්‍යවස්ථාදායක සභාව ද බලාත්මක වේ. මෙම ව්‍යවස්ථාදායක සභාව සමන්විත වන්නේ ජනාධිපති, අගමැති, කතානායක, විපක්ෂ නායක යන පුද්ගලයන්ගෙන් සහ නම් කරන ලද විද්වත් පිරිසකගෙනි. ඔවුන් විසින් අදාල කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කරනු ලබයි.

මහින්ද හිතවාදීන් සහ දේශපාලන අනාථයන් උත්සාහ කරන්නේ ව්‍යවස්ථාදායක සභාව සඳහා විද්වතුන්ට හිමි සාමාජිකත්වය මන්ත්‍රීවරුන්ට ලබාදෙන ලෙස බලපෑම් කිරීමටයි. මේ තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු අඩපන කෙට එය අවුල් ජාලාවක් කිරීමයි. එම කොමිෂන් සභා අඩපන කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට හිමිවන ප්‍රතිලාභ අහිමි කොට ඔවුන්ගේ දේශපාලන අභිමතාර්ථ ඉටුකර ගැනීමේ කූට උපක්‍රමයක ඔවුන් නිරත වෙමින් සිටී.

රටට කුමක් සිදුවුවද ඔවුන්ට කම්නැත. ඔවුන්ට අවශ්‍ය මහින්දගේ ඇඟේ එල්ලී හෝ ඉදිරි වසර හය තුළ පාර්ලිමේන්තු කෑමවේලේ රසබැලීමේ අවස්ථාව හිමිකර ගැනීම පමණි.

Share on Google Plus

Right to Reply