Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

යුධ හමුදාවේ නුසුදුසු අයට කර්නල් සේනාවිධායක පත්වීම් ලබාදීම.


යුධ හමුදාවේ පවතින සෑම රෙජිමේන්තුවකටම අධිපති ලෙස කර්නල් සේනාවිධායක තනතුර සඳහා එම රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ හා එම තනතුර දැරීමට සුදුසු ජෙනරාල්වරයෙක් පත්කරනු ලබයි. මෙම තනතුර හොබවන්නා විසින් රෙජිමේන්තුවේ සියලුම නිළධාරීන්ගේ හා සෙබලුන්ගේ මුලික අවශ්‍යතා ඉටු කරදීම, දුක්ගැනවිලි වලට සහන ලබාදීම, අවශ්‍ය පුහුණුව ලබාදී විනය හොදින් පවත්වාගෙන යාම වැනි කාර්යන් සිදුකළ යුතු නිසා  අදාළ  රෙජිමේන්තුවේ පියා ලෙස  හදුන්වයි. නමුත් පසුගිය කාලයේ මෙම තනතුර දැරීමට කිසිසේත් නුසුදුසු වූවන්ට එම තනතුර හිමිවිය. එකම සුදුසුකම වූයේ හිටපු ආරක්ෂක ලේකම්ගේ හා යුධ හමුදාපතිගේ හෙංචයියන් වීම පවනි. මේ හේතුවෙන් පසුගිය කාලය පුරාවට කර්නල් සේනාවිධායක තනතුරේ ගෞරවය පලුදු වී ඇත.


සන්නහා සන්නද්ධ බලකාය - මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

1 ජෙනරාල් සරත් ෆොන්සේකාට විරුද්ධව බොරු චෝදනා එල්ලකර පවත්වන ලද යුධ අධිකරණයේ සභාපති ලෙස වැරදි හා අසාධාරණ තීන්දුවක් ලබාදෙන ලදී

2 දැනට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කූලපති තනතුරේ ස්ථිරවම කටයුතු කරන බැවින් එහි සම්පුර්න කාලය වැයකර සේවය කලයුතු නිසා මෙම තනතුරේ වැඩ කිරීමට වෙලාවක් නැතිකමින් නිළධාරීන් හා සෙබලුන් අපහසුතාවයට පත්ව ඇත

3 තමන්ගේ හිතවතුන්ට වැඩි සැලකිලි ලබාදී අනිත් අයට කුඩම්මාගේ සැලකිලි ලබාදෙන ආකාරයේ කටයුතු කරන නිසා නිළධාරීන් හා සෙබලුන් අසහනයට පත්ව ඇත

4 කිසිම සුදුසුකමක් නැති මොහුගේ හෙංචයියෙක් මධ්‍යස්ථාන සේනාවිධායක තනතුරට පත්කර ඇති නිසා ඔහුගේ කි‍්‍රයාකලාපයෙන් නිළධාරීන් හා සෙබලුන් තවත් අසහනයට පත්ව ඇත

5 කටයුතු කිරිමේදී ප‍්‍රායෝගිකව(Practicle)  නොව න්‍යායන් (Theory) මතම කටයුතු කරන නම්‍යසුලු (Flexible) භාවයකින් කටයුතු නොකරන නිසා නිළධාරීන් හා සෙබලුන් තවත් අසහනයට ඇත

7 මෙම තනතුරට සුදුසුම නිළධාරීන්වන්නේ මේජර් ජෙනරාල් උභය මැදවල හෝ මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත බව සමස්ථ යුධ හමුදාවම පිලිගනී

කාලතූවක්කූ බලකාය - මේජර් ජෙනරාල් ලාල් පෙරේරා

1 මේජර් නිලයේ සිටියදී අඩම්පන් කඳවුරට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ලවූ අවස්ථාවේ එයට මුහුනනොදී බයෙන් සෙබලුන් තනිකර දමා තනියම පසුපසට පලායාම පිලිබදව යුධ අධිකරණයක් ඉදිරියට පමුනුවීමට සිටි අයෙකි

2 නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස සෙබලුන්ගේ කෑමට තිබෙන මස් මාලු හොරෙන් ගෙදර රැගෙනයාම ගැන පුවත්වල පවා පලවිය

3 නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ලෙස වැලිකන්ද කදවුරේ පුස්තකාලයට පොත් මිලදී ගැනීමට දුන් රුපියල් ලක්ෂ දහයක වංචාවට මුලික පරික්ෂණ උසාවියෙන් වැරදිකරු විය. මේ පිලිබදව අල්ලස් හෝ දුෂණ කාර්යාලයේ පරීක්ෂණය තවම අවසන් නැත.

4 කාන්තා බලකායේ ආඥාපතිලෙස සිටියදී මාණ්ඩලික ප‍්‍රධානි මේජර් ජෙනරාල් කි‍්‍රෂාන්ත සිල්වා විසින් සිදුකල වාර්ෂික පාලන පරික්ෂණයේදී සිදුකල වංචා දුෂණ අක‍්‍රමිකතා හා පාලනයේ දුර්වලතා බොහොමයක් නිරීක්ෂණය වී යුධ හමුදාවේ සිටින පාලනය දුර්වලම කර්නල් සේනාවිධායක බවට යුධ හමුදාපතිතුමාටද වාර්ථා කරන ලදී

5 පසුගිය මැතිවරණයේදී හිටපු ජනාධිපතිගේ ඡන්දවැඩ සදහා අනවසරයෙන් සෙබලුන් වාහන දේපල මුදල් හා බලය යොදා කටයුතු කල බව ඔප්පුවී ඇත

6 කාලතූවක්කු බලකායේ නිළධාරීන් හා සෙබලුන් (විශේෂයෙන් මින්නේරිය කාලතුවක්කු බලකායෙන්) හිටපු ජනපතිගේ ඡන්ද වැඩට යෙදවිය යුතු නිසා මොහුට වඩා ජ්‍යෙෂ්ඨ හිටපු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත්  රඹුක්පොත ඡන්දය කිට්ටුකර කාලතූවක්කු බලකායේ කර්නල් සේනාවිධායක තනතුරෙන් ඉවත්කර කර මොහුව පත්කරන ලදී

7 මෙම තනතුරට සුදුසුම නිළධාරියා වන්නේ මේජර් ජෙනරාල් ජගත් රඹුක්පොත බව සමස්ථ යුධ හමුදාවම පිලිගනි


යාන්ති‍්‍රක පාබල රෙජිමේන්තුව -  මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ

1 LTTE සංවිධානයේ ප‍්‍රබලයෙකු සමග සමීප සම්බන්ධකමක් පවත්වා ජෙනරාල් සරත් ෆොන්සේකාට නිරීක්ෂණය වී මොහුට විරුද්ධව හමුදා නීතියට අනුව දඩුවම් කිරීමට සිටියදී හිටපු ආරක්ෂක ලේකම්ගේ හිතවත්කමට බේරුණු පුද්ගලයෙකි.

2 උතුරේ යාපනය ආඥාපති වශයෙන් සිටියදී කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට අයත් යකඩ හමුදා සෙබලුන් දමා හොරෙන් කපා විකිනීමට යාමේදී පොලිසියට හසුවුවත්  හිටපු ආරක්ෂක ලේකම්ගේ හිතවත්කමට බේරුණි

3 උතුරේ ඡන්දයට බාධා කරමින් බෝම්බ ගසා මිනිසුන් බියවද්දා පලවා හැරීම ගැන චෝදනා ඇත

4 කොළඹ සුදුවෑන් කණ්ඩායම කලක් මෙහෙයවූ බවට චෝදනා ඇත

5 යාන්ති‍්‍රක පාබල බලකා පුහුණුව ලබා හෝ කිසිදිනක යාන්ති‍්‍රක පාබල බලකාය සමග යුද්ධවලට සහභාගිවී නැත

6 සන්නාහ සන්නද්ධ බලකායට අයත් නිලධාරියෙක් නම් මදක් හෝ යාන්ති‍්‍රක පාබල බලකා රාජකාරි ගැන දැනුමක් ඇති නමුදු කාලතුවක්කු බලකා නිළධාරියෙක් නිසා මෙම බලකායේ රාජකාරි ගැන කිසිම දැනුමක් නැත

7 මෙම තනතුරට සුදුසුම නිළධාරීන්වන්නේ සන්නාහ සන්නද්ධ බලකායට අයත් මේජර් ජෙනරාල් උභය මැදවල හෝ මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත බව සමස්ථ යුධ හමුදාවම පිලිගනී

 විජයබා රෙජිමේන්තුව -  මේජර් ජෙනරාල් ජගත් ඩයස්
1 විජයබා රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරාල්වරුන් දෙදෙනෙක් ( මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන හා මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන) සිටියදී විජයබා රෙජිමේන්තුවට අයත් නොවන ගජබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් ජගත් ඩයස්ව හිටපු ආරක්ෂක ලේකම්ගේ උපදෙස්මත පත්කරන ලදී

2 පසුගිය මැතිවරණයේදි හිටපු ජනාධිපතිගේ ජය වෙනුවෙන් යුධහමුදා සෙබලුන් වාහන හා දේපල යොදාගනිමින් කටයුතු කල බවට සාක්ෂි ඇත

3 නාමල් රාජපක්ෂගේ නිල්බලකා සාමාජිකයන්ට නවාතැන් පහසුකම් සපයා ප‍්‍රචාර කටයුතුවලට සහායදුන් බවට සාක්ෂි ඇත

4 මත්පැනට ලොල් බවක් දක්වන අයෙක් නිසා රෙජිමේන්තුවට පැමිනෙන සෑම දිනම මත්පැන් සාද පැවැත්වීම  නිසා එම බිල්පත් පියවා ගැනීමට නොහැකිව ඒවා භාරව සිටි අය අපහසුතාවයට පත්ව ඇත

5 මෙම තනතුරට සුදුසුම නිළධාරීන්වන්නේ විජයබා රෙජිමේන්තුවට අයත් මේජර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන හෝ මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන බව සමස්ථ යුධ හමුදාවම පිලිගනී.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP