Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද කැඳවීමේ කුමන්ත්‍රණය පිටුපස ජගත් බාලපටබැඳි!


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ලබන 24 වන දා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසම වෙත කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම මගින් ඔහුට එරෙහිව පවතින මහා පරිමාණ මූල්‍ය චෝදනා යටපත් කිරීමේ කුමන්ත්‍රණය පිටුපස සිටින පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහතා විසින්ම එම ධූරයට පත්කරන ලද අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා වේ. 

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි යනු උග්‍ර මහින්ද රාජපක්ෂ වාදියෙකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය දැරූ අවදියේ සිට ජගත් බාලපටබැඳි තම ධූරයේ ගරුත්වය කෙලෙසා ගත් පුද්ගලයෙකි. විශ්‍රාමික අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අසාධාරණ සහ අයුක්ති සහගත ලෙස අගවිනිසුරු ධූරයෙන් පන්නා දැමීමට ඔහුගේ මස්සිනා වන හිටපු අගවිනිසුරු අශෝක සිල්වා සමග කුමන්ත්‍රණය කළ පුද්ගලයෙකි. ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව වත්කම් හා බැරකම් ප්‍රකාශ නිසි පරිදි ප්‍රකාශ නොකලා යැයි කියමින් අසත්‍ය හා ද්වේශ සහගත ආකාරයට අල්ලස් කොමිසමේ බලතල පාවිච්චි කරමින් බොරු චෝදනා මත නඩු පවරා රාජපක්ෂලා වෙනුවෙන් එකසිය ගණනට කඩේ ගිය විනිසුරුවරයෙකි.

අල්ලස් කොමිසමේ විධායක බලතල හිමි අධ්‍යක්ෂක ජෙනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් මහත්මිය විදේශ ගතවන තෙක් බලාසිට කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතා තම ගෝලබාලයින් ලවා මෙම කුමන්ත්‍රණය දියත් කළ බවට මේ වන විට තහවුරු වී ඇත. කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල්වරිය නිල කටයුත්තක් සඳහා පසුගිය සති අන්තයේ සිට මේ දක්වා සිංගප්පූරුවේ රැදී සිටී. ඇය අද (21)  රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතව ඇත. අල්ලස් කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතා තම ස්වාමියා බේරා ගැනීමට කල් යල් බලා මේ අතරතුර කුමන්ත්‍රණය දියත් කොට තිබේ.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment