Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'වට් ඉස් ද පොයින්ට් බිකමින් මිනිස්ටර් මචං ? මේක මාර සොමි නේ'


'වට් ඉස් ද පොයින්ට් බිකමින් මිනිස්ටර් මචං ? මේක මාර සොමි නේ' යනුවෙන් මේ දිනවල දුරකතනයෙන් හා හමුවන පුද්ගලයන් සමග පිනායන සතුටින් පවසමින් සිටින්නේ යහපාලන ආණ්ඩුවේ ඇමති මණ්ඩලයෙන් පළමුවෙන් ම ඉල්ලා අස්වූ ජනාධිපති නීතීඥ පයිසර් මුස්තාපාය.

පයිසර් මුස්තාපාට ආයෝජන ප්‍රවර්ධන ඇමතිකම ලබාදෙන ලෙස ඔහුගේ හොඳම මිතුරෙකු වන වාණිජ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මේ දිනවල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කන්නලව් කරමින් සිටී. නමුත් ජනාධිපතිවරයා රිෂාඩ් බදුර්දීන්ට කෙලින්ම පවසා ඇත්තේ 'ඔය මිනිහට දුන්න එකවත් කරගන්න බැරි වුණා. ඊට පස්සෙ පරිසර ඇමතිකම දුන්නා, ඒක ගත්තෙත් නෑ. මටනම් ආයෙත් කියන්න එපා ඔය මිනිහට ඇමතිකම් දෙන්න කියලා.' යනුවෙනි.

ජනාධිපතිවරයාගේ පිළිතුරෙන් අධෛර්ය්‍යට පත්ව ඇති රිෂාඩ් බදුර්දීන් තම මිතුරාට ගාණක් හම්බ කරගැනීම සඳහා මාර්ගයක් සළසන ලෙස ඔහුගේ ආයෝජන උපදේශකයා වන 'වීල්ස් ලංකා ඉමිටියාස්ට' උපදෙස් දී තිබේ. මෙම වීල්ස් ලංකා ඉමිටියාස් යනු රිෂාඩ් බදුර්දීන්ගේ ලෝකය පුරා ඇති ආයෝජන බලාකියා ගන්නා පුද්ගලයාය. රිෂාඩ් බදුර්දීන්ගේ ආයෝජන වැඩිම ප්‍රමාණයක් ඇත්තේ දකුණු ඉන්දියාවෙ චෙන්නායි නගරයේය.

ඇමති රිෂාඩ්ගේ උපදෙස් මත මේ වනවිට අවසර නොමැතිව ඇණහිට තිබෙන කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශයට අයත් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගැනීමට ආයෝජකයන් වීල්ස් ලංකා ඉමිටියාස් විසින් යොමු කරනු ලබන්නේ පයිසර් මුස්තාපා වෙතය. එක් ව්‍යාපෘතියක් සඳහා උපදේශන ගාස්තු වශයෙන් රුපියල් මිලියන තුනේ සිට මිලියන දහය දක්වා පයිසර් මුස්තාපා ආයෝජකයන්ගෙන් අය කරනු ලැබේ. මේ වනවිට ඔහු රුපියල් මිලියන ගණනාවක් Consultation Fees වශයෙන් වීල්ස් ලංකා ඉමිටියාස්ගේ අනුග්‍රහයෙන් රිෂාඩ් බදුර්දීන්ගේ ආශිර්වාදයෙන් උපයාගෙන තිබේ.

පයිසර් මුස්තාපා මේ දිනවල අල්ලා දෙවියන්ට මෙන් සලකන්නේ රිෂාඩ් බදුර්දීන්ටය. එමෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා හා අර්ජුණ රණතුංග ඔහුගේ දැඩි විවේචනයට ලක්වී සිටී. මේ බව ආරංචි වී ඇති රිෂාඩ් සහ ඉමිටියාස් පයිසර්ට පණිවුඩ එවා ඇත්තේ වහා ම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කිරීම නවතා දමන ලෙසයි. මන්ද යත් පයිසර්ට එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹින් නාමයෝජනා ලබාදීමට ඔවුන් දෙදෙනා අපමණ වෙහෙසක් ගන්නා බැවිනි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP