Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

චන්ද්‍රිකාට හූ කීමේ සැලැස්ම ජොනී සහ නාමල්ගෙන්. (Full Story)


ඊයේ (09) කුරුණෑගල මලියදේව බාලිකා විදුහල් ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රීලනිප බල මණ්ඩල රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හූ කීමේ සැළැස්ම සකස් කර ඇත්තේ ඊට කලින් දිනයේ එනම් 08 වැනිදා රාත්‍රී කොළඹ කොල්ලුපිටියේ, පැල්මරා ඇවනිව්හි 'අමරාවතී රෙස්ටුරන්ට්' හිදීය.

මෙම අමරාවතී රෙස්ටුරන්ට් හිමිකරුවා වන්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

අටවැනිදා රාත්‍රී අමරාවතී රෙස්ටුරන්ට් වෙත රාත්‍රී භෝජනය සඳහා හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ආරාධනයෙන් පැමිණ ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ තවත් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ පිරිසක් මෙම සැළසුම සකස්කොට ඇත. එම සාකච්ඡාව සඳහා වරින් වර වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර ද දුරකතනය ඔස්සේ සම්බන්ධ වී ඇත. එහිදී නාමල් දයාසිරිට පවසා ඇත්තේ මෙය 'ජොනීගේ ප්‍රොජෙක්ට් එකක් යැයි' සිතා කර නොඅරින ලෙසයි. 

මෙම හූ කීමේ කුමන්ත්‍රණය ක්‍රියාවට නැංවීමට නාමල් විසින් භාරදී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට එජාපයේ සිට පසුගිය ආණ්ඩුවට සම්බන්ධ වූ කුරුණෑගල නගරාධිපති ගැමුණු හා උප නගරාධිපති අන්වර් සත්තාර් යන දෙදෙනාටය. එහිදී ජොනීගේ පාර්ශ්වය නියෝජනය කරමින් ජොනී සමූපකාර ඇමතිව සිටි අවධියේ සමූපකාර අමාත්‍යංශයේ ඉහළ නිළයක් දැරූ අරුණ දහනායකවද නගරාධිපතිවරයා හා උප නගරාධිපතිවරයා සමග නාමල් විසින් ම සම්බන්ධ කොට දී ඇත.

මොවුන් තිදෙනා රැස්වීම ආරම්භ වන අවස්ථාවේ ශාලාවේ අන්තිම පේළියේ සිට කෑකෝ ගැසුවත් අත්පොලසන් හඬ නිසා එම බාධා කිරීම් කිසිවෙකුට ඇසී නැත. පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ රැස්වීමකට සහභාගිවීමට ඇතැයි පවසා නික්ම යාමෙන් පසු රැස්වීම අවසානවීමට විනාඩි දහයක් පමණ තිබියදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වේදිකාවෙන් බැස නික්ම යද්දී ඇය අසලට පැමිණ ඇති අරුණ දහනායක 'මැඩම් මැඩම්, අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂට බනින්න එපා..' යනුවෙන් පවසා තිබේ. එවිට එම ස්ථානයේ සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආනන්ද 'තමුසෙලගෙ ජනාධිපති පැරදුනා නම් පැරදිච්ච විදියට ඉන්න කියනවා. මේ මිනිස්සුන්ට වැඩ කරන්න දෙනවා කකුලෙන් අදින්නෙ නැතිව' යැයි පවසා ඇත. ඔහුගේ කතාවෙන් කුපිත වී ඇති අරුණ දහනායක ප්‍රා. සභා මන්ත්‍රී ආනන්දට පහර දී තිබේ. එම අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඇගේ ආරක්ෂකයන් විසින් එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගොස් තිබේ.

සිද්ධිය සිදුවී විනාඩි දහයක් යාමට ප්‍රථම මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් වෙබ් අඩවි 'කුරුණෑගලදී චන්ද්‍රිකාට හූ කියා එළවයි' යනුවෙන් විශාල ප්‍රචාරයක් ගෙනගොස් ඇත්තේ කලින් සූදානම් කරගෙන සිටි ප්‍රවෘත්ති මගිනි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment