ගෝඨා දේශපාලනයට එනවාට විමල් බියෙන් වෙව්ලයි.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොළඹ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පැමිණීම තමන්ට විශාල බාධාවක් වනු ඇති බවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ විශාල තැති ගැන්මකට පත්වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ගෝඨාභය රාජපක්ෂගේ මෙම ප්‍රයත්නය ලත්තැනම ලොප් කර දැමීම සඳහා විමල් වීරවංශ කටයුතු කරමින් සිටී. ඒ අනුව හෙට (23) ගෝඨාභය රාජපක්ෂව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට කැඳවන අවස්ථාවේදී කොමිසම ඉදිරිපිට බොදු බල සේනාව විසින්  සංඝයාවහන්සේලා 1000ක් ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත සත්‍යග්‍රහය කඩා කප්පල් කිරීම සඳහා විමල් වීරවංශ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව උසි ගන්වා ඇත.

විමල් වීරවංශගේ උසිගැන්වීම මත ඊයේ රාත්‍රියේ බොදු බල සේනාවේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියන් අමතා ඇති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ‘මොනවද හාමුදුරුවනේ මේ කරන වැඩ? ඔබ වහන්සේලාගෙ බොදු බලය තමයි මට ගියපාරත් කෙලෙව්වෙ. ගෝඨාට දේශපාලනය ගැන මෙලෝ හසරක් තේරෙන්නෙ නෑ. කරුණාකරල එයාව දේශපාලනයට ගේන එක නවත්තන්ඩ. මේවයින් වෙන්නෙ මගේ කොල්ලා නාමල්ට  කෙල වෙන එක. මේවා ඇවිල්ලා නෝර්වේ කුමන්ත්‍රණ. මං දන්නව ඕවා කරන එකා. ඔය ඩිලන්තය තමයි නෝර්වෙත් එකක් එක්කහු වෙලා ගේම් ගහන්නෙ. ඔබ වහන්සෙ මගේ අල්ලපු ගමේ. මම දන්නව මට හිතවත් කියල. කරුණාකරල ඔය වැඩේ නවත්තන්ඩ. මං විමල්ව එවන්නම් ඔබ වහන්සෙව හම්බ වෙන්න. එයා කියන විදිහට වැඩේ කරන්ඩ. ඩිලන්තයවයි ඥාණසාරවයි එළවල බොදු බලේ ඔබ වහන්සෙගෙ අතට ගන්න. මම උදව් කරන්නම්'  යනුවෙන් පවසා ඇත.

එසැණින් ඥාණසාර හිමියන් හා ගෝඨාභය රාජපක්ෂ අමතා ඇති විතාරන්දෙණියේ නන්ද හිමියන් ජනාධිපතිවරයා පැවසූ දේ පිළිබඳව ඔවුන් දැනුවත් කර ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment