Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘බැසිල් ඇවිත් මගේ සේරම ප්ලෑන් කෑවා' - මහින්ද කියයි!

‘මේ යකාට මං එන්ඩ එපා කිව්වා. කොහෙද මූට මට වඩා විශ්වාසයිනෙ ජෝනව. ජෝන තමයි කියල තියෙන්නෙ බැසිල් බය නැතුව එන්ඩ කියල. රාජිතත් කිව්වලු බලා ගන්නම් කියල. උන් දෙන්නගෙ ලනු කාල ඇවිල්ල කර ගත්ත දේ පේනවනෙ.දැන් රාජිතය කියනව ඡන්දෙට කලින් මටත් ජම්පර් අන්දනව කියල. මම හිත හදන් ඉන්නෙ. මට රිමාන්ඩ් එක හොඳට පුරුදුයි. මම අම්මගෙ මල ගෙදෙට්ට ආවෙත් රිමාන්ඩ් එකේ ඉදල' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කර ඇත්තේ තම සොයුරු බැසිල් රාජපක්ෂ ලබන මැයි මස 05 වෙනිදා දක්වා රිමාන්ඩ් කළ පුවත සැල වීමත් සමගය.

 එහිදී තම හිතවතුන් සමග තවදුරටත් කරුණු දක්වා ඇති හිටපු ජනාධිපතිවරයා ‘විමල්ලා බන්දුලලා එක්කහු වෙලා ලස්සනට ප්ලෑන් කරපු වැඩේ අපේ බැසිලා එහෙම්පිටින්ම කෑවා. බැසිල් කරොත් කරන්නෙම ඔය වගේ ගොං වැඩක්. මිනිහගෙ පව් තමයි මං මේ ගෙවන්නෙ. ඒකනෙ මෑන්ව මගේ කොල්ලො එකෙක්ටවත් පෙන්නන්ඩ බැරි. මං නොහිටින්න මීට අවුරුද්දකට දෙහෙකට උඩදි බැසිල් යෝ ගෙන් (යෝෂිත) වෙඩි කනව. මගේ කාලෙ හොඳ නෑ කියල දැන් මට තේරෙනව' යනුවෙන් හැඟීම් බරව පවසා ඇත.

Share on Google Plus

Right to Reply