Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද නැවතත් ශ්‍රීලනිපය දෙකඩ කරයි!


ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් කාරක සභිකයන් පස් දෙනෙකු ඉවත් කිරීමත් සමග එම පක්ෂය ස්ථිර වශයෙන්ම දෙකඩ වී ඇති බව දේශපාලන විචාරයකයන් සඳහන් කරයි. පක්ෂයේ සාමූහික තීරණයන්ට පටහැනිව ක්‍රියාකිරීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නෙරපා හැරීම සිදුකොට ඇත. ඒ අනුව බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, සාලින්ද දිසානායක, ටී.බී. ඒකනායක හා එස්.එම්. චන්ද්‍රසේන මෙසේ ජනාධිපතිවරයා විසින් මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කොට තිබේ. ඉදිරියේදී මේ අයට විරුද්ධව පැවැත්වෙන  විනය පරීක්ෂණවලදී ඔවුන් වැරදි කරුවන් වුවහොත් මීළඟ මහ මැතිවරණයේදී ශ්‍රීලනිපයෙන් නාම යෝජනා ලබා නොදීමට මේ වන විට ශ්‍රීලනිප නායකත්වය තීරණය කොට ඇති බව තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කර සිටී. 

එමෙන්ම ලබන මැයි 01 වන දිනට පැවැත්වීමට නියමිත මැයි දින රැලියේදී මහින්දවාදීන් විසින් වෙනමම මැයි රැලියක් කිරුළපනේදී පැවැත්වීමට නියමිත අතර ශ්‍රීලනිප මැයි රැලිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිත වේ. කිරුළපනේදී පැවැත්වෙන මැයි රැලිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම් අලෙවි මව්ලානා මහතා විසින් කැඳවන බවත් ඒ සඳහා සන්ධානයට අයත් හවුල්කාර පක්ෂ රැසක් සහභාගි වීමට නියමිත බවත් වාර්තා වේ.

මෙම කිරුළපන රැස්වීම සඳහා සහභාගි වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කලින් තීරණය කරගෙන සිටියද ඊයේ ඉහත කී මධ්‍යම කාරක සභිකයන් ඉවත් කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට කිරුළපන රැලියට සහභාගි වීම පිළිබඳව වැනෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.


  • අපි යනවා සර් එනවද?

මේ වන විට මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට මූලිකත්වය ගෙන ක්‍රියාකරන පිරිස් ඔහුගෙන් ඉල්ලා ඇත්තේ අනිවාර්යෙන්ම කිරුළපන රැලියට සහභාගි වන ලෙසයි. ඔවුන් සැමදෙනාටම මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ තමා එම රැලියට අනිවාර්යෙන්ම සහභාගි වන බවත් ඒ සඳහා උපරිමයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගි කරවා ගන්නා ලෙසයි. නමුත් මෙම රැස්වීමේ සංවිධායකයන් හට මහින්ද රාජපක්ෂගේ සහභාගිවීම අවසාන මොහොතේ හෝ සිදු නොවන බවට තහවරු වීම නිසා හැමදෙනාම මේ  දිනවල මහින්දගෙන් අසමින් සිටින්නේ ‘අපි යනවා සර් එනවද?' කියාය.

මේ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ ශ්‍රීලනිප ජේෂ්ඨයෙකු කියා සිටියේ මහින්ද කිරුළපන රැලියට ස්ථිර වශයෙන්ම සහභාගි නොවන බවයි. මහින්ද රාජපක්ෂගේ ඉතිහාසය විමසීමේදී තම තර්කය තහවුරු කිරීම සඳහා ඕනෑ තරම් සාක්ෂි සොයාගත හැකි බව ඔහු පවසා සිටියේය. බණ්ඩාරනායක මැතිනිය ශ්‍රීලනිප නායකත්වය දරණ යුගයේදී අනුර බණ්ඩාරනායක මහතා  සමග කුමන්ත්‍රණය කරමින් තමාද එන බව පවසා අනුර බණ්ඩාරනායකව තවත් පිරිසක් සමග එජාපයට යැවූ ආකාරයත් 2001 වසරේදී එස්.බී. දිසානායක ලක්ෂමන් කිරිඇල්ල ඇතුළු කණ්ඩායම සමග කුමන්ත්‍රණ කරමින් තමා අනිවාර්යෙන්ම එන බව කියා ඔවුන්ව එජාපයට යැවූ ආකාරයත් අවසාන මොහොතේ ජංගම දුරකතන පවා නිවා දමා සැඟවී සිටි ආකාරයත් හෙතෙම සිහිපත් කර සිටියේය.

මහින්ද රාජපක්ෂ මේ වන විට සැලසුම් කර සිටින්නේ තමා තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ රැදී සිටිමින් ඔහුව බලයට ගෙන ඒමට කැස කවන කණ්ඩායමේ නායකත්වය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව පත්කොට නව දේශපාලන අත්හදා බැලීමක් සිදුකොට ඔවුන්ට යම් ආකාරයකින් බලය තහවුරු කර ගැනීමට පුළුවන් වුවහොත් පසුව එම කණ්ඩායම ශ්‍රීලනිපයට සම්බන්ධ කර ගැනීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සැලසුම බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment