Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද ඔතා, උලාගත් සිංහල-බෞද්ධ සළුපිලි අද කාල්ටන් වලදී උනාදමයි.


හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කදුරුවෙල ජයන්ති විහාරයේ දී පැවැත්වේ.

අප්‍රේල් මස 15 වැනි දින පෙ.ව.9.06 ට යෙදෙන සුබ මොහොතින් හිසතෙල් ගෑම සිදු කෙරේ. උත්සවයේ සංවිධාන කටයුතු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන්, උතුරුමැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති කදුරුවෙල ධම්මපාල නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් සිදුකරනු ලැබේ.

මේ අතර මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසනීප තත්වයෙන් අසාධ්‍යව සිටින බවට පසුගිය ජනාධිපතිවරයෙන් පරාජය වී ගෙදර ගිය ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂ මහතාගේ විවිධ කල්ලි කණඩායම් විසින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවට වාර්තාවේ. එහෙත් සත්‍යය නම්, සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ අපවත්වීම හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුපිරිසිඳු බෞද්ධයෙකු ලෙස මෙවර සිංහල අළුත් අවුරුදු සැමරීමේ කටයුතුවලින් ඉවත්වීමට ගත් තීරණයයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අළුත් අවුරුදු සමරන අයුරු සජීව විකාශයක් ලෙස එක්තරා පුද්ගලික ගුවන් විදුලිනාලිකාවක් ඔස්සේ විකාශනය කිරීමට සැලසුම් කොට තිබූ අතර අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ගේ අපවත් වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි එය අවලංගු කිරීමට තීරණය කළහ. ඒත් සමඟම මයික්‍රෆෝනයක් ලැබෙනවා නම් කක්කුස්සි කටකට වුවත් පැණීමට සූදානම් පැරදුණු මහින්ද රාජපක්ෂ වහාම එම අවස්ථාව එම නාලිකාවෙන් වෙන් කරවාගෙන ඇත.

තමා ජනාධිපතිවරයෙකු ලෙස සමරන පළමු සිංහල අලුත් අවුරුද්ද මෙය වුවද තමාට බෞද්ධයෙකු ලෙස මෙවැනි සංවේගාත්මක අවස්ථාවක උත්සවයක් සැමරීමට නොහැකි බව ජනාධිපතිවරයා උපුටා දක්වමින් එම ගුවන්විදුලි නාලිකාවට දන්වා යවා ඇත. ඒත් සමඟම අදාළ ගුවන්විදුලි නාලිකාව තම ව්‍යාපාර අරමුණු සහ ලාභ ඉපයීම නවතා ලිය නොහැකි හෙයින් වහාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමතා මෙම අවස්ථාව ගැන දැනුවත් කොට ඇත. ‘මොකට, මොකාට කෙළ උනත් මම ගොඩයනවනම් මොකැ’යි’ යන පරම ජඩ චේතනාවෙන් පිරිපුන් මහින්ද රාජපක්ෂ එසැනින් ‘කොච්චර එකක්ද, හරි අපි කරමු’යි’ එකඟ වී ඇත.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද මෙරට සිංහල- බෞද්ධයින්ගේ අතිගෞරවාදරයට පාත්‍ර වූ අපවත් වී වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් ජාතියෙන් සමුගෙන 48 පැයක් ගතවන්නටත් මත්තෙන් උත්සවශ්‍රීයෙන් කිරිබත් හා සමරන අයුරු, මහින්ද රාජපක්ෂ ‘සිංහල-බෞද්ධයින්ගේ’ නායකයෙකු යැයි සිතාගෙන සිටින අයවලුන්ට මෙත් සිතින් නැරඹීමටත්, ශ්‍රවණයටත් ඉඩකඩ විවර වනු ඇත.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP