Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මහින්ද මෛත්‍රී ඉදිරියේ දණගසයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකොටගෙන ඔහු වෙනුවෙන් පෙනී සිටින සුළු පක්ෂවල නායකයින් විසින් සංවිධානය කරනු ලබන මැයි සංවිධානය කරනු ලබන මැයි රැළියට ශ්‍රීලනිපය තුළ සිටින ‘මහින්ද-හින්දා යැපුණු කල්ලිය’ සහභාගී වීමට නියමිතව සිටියද, දිනේෂ් ගුණවර්ධන විසින් පවත්වන එම රැලියට සහභාගී නොවන ලෙස මහින්ද විසින් එම ශ්‍රීලනිප මන්ත්‍රීන්ට පසුගියදා දැනුම් දී ඇත.

ඊට මූලික හේතුව බවට පත්ව ඇත්තේ, ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විනය නීතිරීති උල්ලංඝනය කරමින් හැසිරුණු මන්ත්‍රීවරුන්ව මධ්‍යම කාරක සභාවෙන් නෙරපා හැරීමට ගත් තීරණයයි. මේ හේතුවෙන් කුප්‍රකට මහින්ද සහ ‘මහින්ද-හින්දා යැපුණු කල්ලිය’ දැඩි ව්‍යුයාකූලත්වයට පත්ව ඇති අතර පසුගියදා කාල්ටන්හිදී පැවති සාකච්ඡාවේදී මහින්ද විසින් උපදෙස් දී ඇත්තේ, දිනේෂ් ගුණවර්ධන විසින් සංවිධානය කරනු ලබන මැයි රැළියට සහභාගී නොවන ලෙසයි. මෙම අවස්ථාවට සන්ධානයේ සුළු පක්ෂ නායකයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතාද සහභාගී වී ඇත. ඒත් සමඟම හිඟන්නෙකු සිහින ලොවක අතරමංව සිටියාක් මෙන් සිටි දිනේෂ් ගුණවර්ධනගේ මුහුණ මැල වී ගොස් ඇත.

මහින්ද රාජපක්ෂ විසින් එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙලෙස ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෘජු තීරණ ගෙන කටයුතු කරාවියැයි තමා නොසිතූ බවත්, මේ ආකාරයෙන් තවදුරටත් කටයුතු කිරීමට සිදුවුවහොත් ශ්‍රීලනිප අභ්‍යන්තරය තුළ තමාට ඇති බලය ගිලිහී යන හෙයින් මැයි 01 වනදා දිනේෂ්ගේ මහජන එක්සත් පෙරමුණේ මැයි රැළියට සහභාගී නොවන ලෙසත් පවසා ඇතැයි වාර්තාවේ. මේ අනුව මහින්දට අවශ්‍ය පරිදි ශ්‍රීලනිපය තුල කල්ලි ගැස්සවීම පහසු නොවන අතර අකමැත්තෙන් වුවද වත්මන් ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මහින්ද රාජපක්ෂට දණගැසීමට සිදුව ඇත.

Share on Google Plus

Right to Reply