Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රාජිත එරාජ්ව රටින් පන්නයි.

සෙල්ලම් පිස්තෝල නගරාධිපති හෙවත් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ සහායෙන් මේ වනවිට රටින් පැනගොස් ඇති බව වාර්තා වේ. නගරාධිපතිවරයාට රටින් පැනයාමට සහාය දක්වා ඇත්තේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න බව ද වාර්තා වේ.

රාජිත මේ වනවිට පසුගිය ආණ්ඩුවේ සිටි දූෂිත දේශපාලනඥයන් හා නිළධාරීන් රටින් පිටකිරීමේ මෙහෙයුමේ කප්පිත්තා බවට පත්ව ඇති අතර පසුගිය ආණ්ඩුවේ සිටි අංක එකේ මෙගා ඩීල්කරුවෙකු වන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ රටින් පිටකිරීම පිටුපස සිටි පුද්ගලයා වන්නේ ද රාජිත සේනාරත්නය.

රාජිත සේනාරත්න පසුගිය කාලයේ හම්බන්තොට නගරාධිපතිවරයාට පොරොන්දු වී සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකත්වය ලබා දීමටයි. එහෙත් පසුගිය ආණ්ඩු සමයේ නගරාධිපතිවරයා සිදුකළ මැර ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පැවති අතර ඒ හේතුවෙන් නගරාධිපතිවරයා හොර රහසේ රටින් පිට කිරීමට රාජිත ඇමතිවරයා කටයුතු කර තිබේ. මේ වනවිට ඔහු සිංගප්පූරුවේ රැඳී සිටින බව වාර්තා වේ.

රාජිත සේනාරත්න එරාජ් ප්‍රනාන්දු නගරාධිපතිවරයාට මේ තරම් උපකාර කිරීමට ද සුවිශේෂ හේතුවක් තිබේ. රාජිත සේනාරත්න යනු එරාජ් ප්‍රනාන්දුගේ පරණ ස්වාමියාය. එනම් රාජිත සේනාරත්න විසින් 1987 - 1989 කාලයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වාගෙන ගිය 'ප්‍රා' සංවිධානයේ මැර ක්‍රියාවලට නගරාධිපතිවරයා සම්බන්ධ වී සිටීමයි. ප්‍රා සංවිධානය විසින් සිදුකළ ඝාතනවලට එරාජ් ප්‍රනාන්දු සෘජුව සම්බන්ධ වී ඇත.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එරාජ් ප්‍රනාන්දු රාජිත සේනාරත්නගේ නිවසේ කාලය ගතකළ අතර ඔහු අත්අඩංගුවට ගනිතියි යන සැකයෙන් මෙසේ සිංගප්පූරුවට හොර රහසේ යවා ඇත. වත්මන් ආණ්ඩුව විසුරුවන තෙක් හෝ නගරාධිපතිවරයා සිංගප්පූරුවෙ රැඳී සිටීමට නියමිතය.

Share on Google Plus

Right to Reply