Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සෝමවංශගේ අලුත් පක්ෂයට විමලුත් සම්බන්ධයි ..?


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ඊයේ (16)පැවැති මාධ්‍ය හමුවක් මගින් දන්වා සිටියේය. ඔහු එහිදී සදහන් කොට සිටියේ 'ජනතාවට යන එන මං නැති වී ඇති හෙයින් එම ජනතාවට ආමන්ත්‍රණය කිරීමට දැන් කෙනකු අවශ්‍ය බැවින් තමා ඒ සදහා මුල්වීමට කටයුතු කළ බවයි.

එසේම ජනතාවට ආමන්ත්‍රණය කිරීම කෙසේ විය යුතුද කියා ජනතා විමුක්ති පෙරමුණ සොයා ගෙන නොමැති බවත් එය සෙවීමට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී කටයුතු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

මෙවැනි තත්වයක් යටතේ රටේ ජනතාවට අවශ්‍ය ජයග්‍රහණ ගෙන දීමට දැන් පක්ෂයක් අවශ්‍ය කරන බවත් ඒ සදහා අලුතින් පක්ෂයක් නිර්මාණය කිරීමට තමා බලාපොරොත්තු වන බවත් සදහන් කර සිටියේය.

කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මධ්‍යම කාරක සභිකයෙකු සදහන් කොට සිටියේ සෝමවංශ අමරසිංහ ජනතා විමුක්ති පෙරමුණේ නායකයාව සිටියදී විමල් වීරවංශ දැනුවත් කරමින් පවසා සිට ඇත්තේ නව පක්ෂයක් ගොඩනැගිය යුතු බවත්, ඒ සදහා කටයුතු කළ යුතු බවත්ය.

ඒ අනුව සෝමවංශ අමරසිංහ දීර්ඝ කාලයක සිට ජනතා විමුක්ති පෙරමුණට ඔබ්බෙන් පිහිටුවන පක්ෂයක් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටි බවද ජවිපෙ හිටපු මධ්‍යම කමිටු සාමාජිකයා වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

ඒ අනුව ඊයේ (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමරසිංහ විසින් සදහන් කළ පිරිත් නූල් බදින පන්සිල් සමාදන් වන ජවිපෙ සාමාජිකයා ඇතුලත් පක්ෂය ඔහු දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට බදුන් කළ එකක් බවද උක්ත සාමාජිකයා වැඩිදුරටත් සදහන් කොට සිටියේය.

අලුතින් පිහිටුවන මෙම පක්ෂය විමල් වීරවංශ හෝ එවැනි ජවිපෙ හැරගිය පිරිස් ද සම්බන්ධ වූවක්ද යන්න සම්බන්ධයෙන් මේ වන තෙක් සදහන් කොට නොමැති නමුත් සෝමවංශ අමරසිංහ සදහන් කොට සිටියේ පක්ෂයෙන් සිදු වූ අසාධාරනකම් තියෙනව. වැරදි තියෙනව. මමත් ඇතුළුව කළ යුතු ස්වයංවිවේචන තියෙනව. වැරදි තක්සේරුවක් නිසා පක්ෂයෙන් යන්න සිදු වූ අයට අපි ගොඩ නගන්න යන පක්ෂයෙන් සාධාරණයක් ඉටු කරන්න පුළුවන්’ බවයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP