ශ්‍රී ලංකන් ගුවන් සමාගම තුල සිදුවූ වංචා හෙලිවේ! (VIDEO)


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සැකසූ වාර්තාවේ ඇතුළත් තොරතුරු වල සංශිප්ත කරුණු මේ වන විට අගමැති කාර්යාලය විසින් නිකුත් වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ සිව් පුද්ගල කමිටු වාර්තාව, කමිටු සභාපති නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා විසින් අගමැතිවරයා වෙත පසුගියදා භාර දෙන ලදී.

පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳගේ සොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු ප්‍රධානීන් සිදුකළ වංචාවන් සම්බන්ධයෙන් මෙහිදී කරුණු රැසක් එළිදරව් වී තිබේ.

සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ සඳහා වගකිවයුතු පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව සඳහන්ව ඇතැයි වාර්තා වේ.

වාර්තාවේ සඳහන් වන ආකාරයට වික්‍රමසිංහ සහ ඔහුගේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන විසින් කූට ලේඛන සකසා අති සුඛෝපභෝගී මෝටර් රථයක් වික්‍රමසිංහගේ ප්‍රයෝජනය සඳහා මිලට ගෙන ඇත. මේ වික්‍රමසිංහ  වෙත ලබා දී තිබුණු සුඛෝපභෝගී බෙන්ස් රථයට සහ අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ රථයට අමතරවය.

හිටපු ජනාධිපතිවරයාගේ පුත් නාමල් රාජපක්ෂගේ දේශපාලන කටයුතු සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් වැටුප් ලබන ගුවන්සේවිකාවක් මුදා හැර ඇති අතර එය සිදුකර ඇත්තේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ ඉල්ලීමකට අනුවය. ඇයට ගුවන් යානය තුළ සිදු කරන කටයුතු සඳහා දෙන දීමනා ඇතුළුව රුපියල් මිලියන 4.2 කට වැඩි මුදලක් ගෙවා තිබේ. වාර්තාවේ සඳහන් වනුයේ එය නැවත අයකර ගත යුතු  එකක් ලෙසයි.

ශ්‍රී ලන්කන් ආයතනයට සේවකයන් බඳවා ගැනීමේ දී සිදුවී යැයි කියන අක්‍රමිකතා පිලිබඳ වාර්තාවේ සඳහන් වෙන ආකාරයට බඳවා ගැනීමේ විභාගය නොකඩවා කිහිප වතාවක් ම අසමත් වූ කිහිප දෙනෙකු ම කළමනාකරුවන්ගෙන් ලැබුණු වාචික ඉල්ලීම් මත බඳවා ගෙන තිබේ.

ශ්‍රී ලංකන් එයාර්ලයින් බ්‍රෑන්ඩ් ඇම්බැසඩර්” නමින් නව තනතුරක් නිර්මාණය කර නිශාන්ත වික්‍රමසිංහගේ හිතවත් ගුවන් සේවිකාවන්ට ලබා දී ඇති බව වාර්තාවේ සඳහන්ය.

ප්‍රධාන විධායක නිලධාරී චන්ද්‍රසේන ඔහු දරු නිලය සඳහා සුදුසුකම් තිබූ අයෙක් නොවන බව වැලි අමුණ කමිටුව විසින් හඳුනා ගෙන ඇත.

එසේවුවද , ඔහු රුපියල් මිලියන එක හමාරක මුදලක් වැටුප් ලෙස ශ්‍රී ලන්කන් සමාගමෙන් ලබාගෙන ඇත්තේ මිහින් ලංකා සහ මොබිටෙල් ආයතන වල ද ප්‍රධානියා ලෙස වැටුප් ලබමිනි.

හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂසඳහා ලන්ඩනයේ සිට මෝටර් රථ අමතර කොටස් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඔස්සේ යැවීමට විරුද්ධ වූ ලන්ඩනයේ කළමනාකාරවරයා හිටපු ජනාධිපතිවරයාගේ නියෝගයක් මත හදිසියේ මාරු කර ඇත.

මීට අමතරව නීති විරෝධී ලෙස පුද්ගලයන් විදේශ වලට රැගෙන යාමට ශ්‍රී ලන්කන් කාර්යමණ්ඩලයේ මැදිහත්වීමක් සහ ගුවන් ආරක්ෂාව පිලිබඳ කිසිදු පළපුරුද්දක් නැති විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයෙක් රුපියල් හාර ලක්ෂ පනස් දහසක වැටුපකට බඳවාගෙන තිබීම පිළිබඳවත් වැලිඅමුණ වාර්තාව මගින් එලි දක්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත්කළ වාර්තාවේ සඳහන් වේ.

මේ අතර සති 6ක් වැනි කාලයකින් මෙම වාර්තාව පිළියෙළ කර ලබා දීම පිළිබඳ ව ගුවන් සේවා අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ කමිටුවට සිය ප්‍රසාදය පළ කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සමහර නිලධාරීන් මිනිස් ජාවාරම් වලට සහාය දී ඇති බවද හෙලිව තිබේ.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment