Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මිලියන 550 ක් තබාගෙන සිටි කම්බා හොරෙක් වෙනුවෙන් මහානායක හිමියන් පෙනී සිටී!



අතැති මුදල් (Cash in hand) ලෙස රුපියල් මිලියන 550 ක් තිබෙන බවට විගණන වාර්තාවේ පෙන්නුම් කළ දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් අභිනව අස්ගිරි පාර්ශවයේ මහානායක ගලගම අත්තදස්සී ස්වාමීන්ද්‍රයන් වන්සේ තම නොසතුටට ප්‍රකාශ කොට ඇතැයි මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අතැති මුදල් ලෙස රුපියල් මිලියන 550 ක් තබා ගත්තේ කෙසේදැයි විගණකවරුන් දියවඩන නිලමේවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු පවසා ඇත්තේ ‘පෝර බෑග්වල දමා' අතැති මුදල් තබා ගත් බවයි. දියවඩන නිලමේවරයාගෙන් මූල්‍ය අපරාධ අංශය ප්‍රශ්න කළ බව සැලවූ විට දළදා මාලිගාවේ විගණකවරුන් දුරකතන ඇමතුමක් ඔස්සේ ඔහුගෙන් අසා ඇත්තේ ‘නිලමේ තමුන්නාන්සෙත් එක්ක අපටත් ඇතුලට යන්ඩ වෙයිද?' කියාය. ඊට පිලිතුරු දී ඇති දියවඩන නිලමේ පවසා ඇත්තේ ‘මෙව්වා ඇවිල්ලා හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජේරත්නලගෙ කුමන්ත්‍රණ. දැන් නිලවරණය ළඟ එනවනෙ. ඒකයි දැන්මම මඩ ගහන්නෙ. අපි වගේ බිස්නස් කරපු උදවිය නෙමෙයි නෙරංජන්ල කියන්නෙ. දිනපතා පත්තරෙත් දළදා මාළිගාවෙන් පිනට අරන් ගියපු කට්ටිය. අපි සතපහක දෙයක් දළදා මාළිගාවෙන් අරන් නෑ' කියාය.

නමුත් ඇත්ත තත්වය වන්නේ සත පහක් නොගත්තාට ඊට වැඩි දෙයක් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර හා ඔහුගේ ගෝලයා වන 'සුළු දියවඩන නිලමේ' යන් අන්වර්ත නාමයෙන් හැදින්වෙන ක්‍රිෂාන්ත හිස්වැල්ල (මතං) දළදා මාලිගාවෙන් කොල්ල කා ඇති බවයි. මාළිගාව සතු ඉඩම් ‘ප්‍රයිම් ලෑන්ඩ්' හරහා විකිණූ ආකාරය මේ වන විට මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.

දියවඩන නිලමේ අත්අඩංගුවට ගත හොත් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සමස්ථ ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල සහ  එහි නියෝජිත පිරිසක් සමග ක්‍රිෂාන්ත හිස්වැල්ල පසුගිය දා සාකච්ඡා කොට ඇති අතර අත්අඩංගුවට ගැනීමක් සිදුවුව හොත් ඊට එරෙහිව රටපුරා බෞද්ධ ජනතාව පාරට බැස්සවිය යුතු බව හිස්වැල්ල පැවසූ විට එක් නියෝජිතයෙකු පවසා ඇත්තේ ‘තමුසෙල මොනවද මේ රටේ බෞද්ධ ජනතාවට කරල තියෙන්නෙ? තමුසෙල දෙන්නා කරේ මේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වගේ තියෙන දළදා මාළිගාවෙ දේපළ සම්පත් කොල්ලකාපු එක. මේ රටේ බෞද්ධ ජනතාව එළියට බහින්නෙ තමුසෙල දෙන්නට විරුද්ධව මිසක් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව නෙමෙයි' යනුවෙනි.

රටේ බෞද්ධ ජනතාව එසේ පවසද්දී මහානායක හිමිවරුන් හොරුන්ගෙන් ප්‍රශ්න කිරීම පිළිබඳව තම අසතුට ප්‍රකාශ කිරීම අපට අසන්නට සිදු වන්නේ ‘කරඬුවෙ ඉදීවිද ධාතූන් වහන්සේලා?' යනුවෙනි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP