සතියකට දෙදෙනා බැගින් ශ්‍රීලනිප ඇමතිවරුන් අස්කිරීමේ මෙහෙයුමක්!


යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත් ශ්‍රීලනිප ඇමතිවරුන් සතියකට දෙදෙනා බැගින් ඉල්ලා අස්වීමේ මෙහෙයුමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කර ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ. මෙම මෙහෙයුමේ අරමුණ යහපාලන ආණ්ඩුව බිඳ දැමීම බව ඒ පිළිබඳව අපට කරුණු හෙළිකළ පුද්ගලයා සඳහන් කර සිටියේය.

හිටපු ජනාධිපතිවරයා මෙම මෙහෙයුම සඳහා ඊයේ (11) නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රීලනිප මන්ත්‍රී අමාත්‍ය සී.බී. රත්නායකට කතා කොට ඇත. විනාඩි 40කට වඩා කෙරුණු මෙම දුරකතන සංවාදයේදී මහින්ද රාජපක්ෂ මහතා සී.බී. රත්නායක මහතාගෙන් ඉල්ලා ඇත්තේ ඉදිරි සති කීපය තුලදී ඉල්ලා අස්වීමට කැමති වන ලෙසයි. සී.බී. රත්නායක මහතාව තම යෝජනාවට නම්මවා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ එසේ ඉල්ලා අස්වීම සඳහා පවිත්‍රා වන්නි ආරච්චි ඇතුළු තවත් තිදෙනෙක් මේ වන විට කැමැත්ත පලකර ඇති බවයි. නමුත් සී.බී. රත්නායක අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරයාට ඒ සඳහා කැමැත්ත පලකොට නැත.

දුරකතන සංවාදය අවසානයේදී ඔහු අසළ සිටි මිතුරෙකුට සී.බී. රත්නායක මහතා පවසා ඇත්තේ ‘මට පිස්සු නෑ හිටපු ජනාධිපතිතුමා කියන විදිහට නටන්න. අපි දන්නවනෙ එයා අපිව පාලනය කරපු විදිහ. අපේ පාරවල් හදපු එකේ කොමිස් කුට්ටිය මට චීනා ගෙනත් දුන්නහම මම ඒක එයාට කිව්වා. පස්සෙ මට කිව්වා ඒක එහෙම්ම අරගෙන අරලියගහ මන්දිරයට ඇවිල්ලා එයාව හම්බවෙන්න කියලා. මමත් මෝඩය වගේ කුට්ටියම අරගෙන අරලියගහ මන්දිරයට ගියා. මං හිතුවෙ අඩුගානෙ බාගයක්වත් මට දෙයි කියල. මේ යකා ඒක සම්පූර්ණයෙන්ම ගිල්ලා ඉලෙක්ෂන් කැම්පේන් එකට සල්ලි නෑ කියල. දැන් ඒව මොකුත් මෑන්ට මතක නෑ. අපිව කඩේ ඇරල ආයිත් බලය ගන්නයි ඔය ට්‍රයි කරන්නෙ. දැන් පරම්පරාවම හාමත් වෙලා ඉන්නෙ කෑම නැතුව. අපි නම් රැවටෙයි ඔය බයිලා වලට' කියාය.

මේ පිලිබඳව අප කළ සොයාබැලීමේදී තහවුරු වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන් පුද්ගලිකව හමුවී  ඉල්ලා අස්වන ලෙසට බලපෑම් කරන බවයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment