ජනපතිගෙන් කවියට කවියෙන් පිළිතුරක් !


හොබවන මුල් පුටුව මැද හෙද            මඩුල්ල
හිමි යන ගමන මට සතුටකි              දැකිල්ල
මොන මොන ගැටුම් තිබුණත් මැඬ      සියල්ල
පදවන අත ඔබය ජාතික               තොටිල්ල

ඊයේ (17) දිවයින ඉරිදා සංග්‍රයේ පළවූ, එම පුවත්පතේ හිටපු කර්තෘ ගාමිණී සුමනසේකර ශූරීන් විසින් විරචිත ඉහත කවිය දුටු සුප්‍රසිද්ධ කවියෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට පිළිතුරක් ලියා පසුව එය විසිකර දමා තිබියදී කාර්යාල සහායකයෙකු විසින් එය අපවෙත එවා තිබේ.

පහතින් පළවන්නේ ජනාධිපතිතුමාගේ පිළිතුර කවියයි. 

ජාතික තොටිල්ලෙන් පන්නපු හොරු  රැළට
නැවතත් මුළු රටම බිලි දෙන්නේ      කුමට ?
යළි හොරු රජ වුණොත් සැඟවී    කහවතට
අබ අරමෙන් අබ සරණයි           සිරිලකට !!


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment