Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මෛත්‍රී - මහින්ද සාකච්ඡා අසාර්ථකයි!

අද (06) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුවේ පැවැත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සිදු වූ සාකච්ඡාව සම්පූර්ණයෙන් ම අසාර්ථක වී ඇතැයි ශ්‍රීලනිප ආරංචිමාර්ග සඳහන් කර සිටී. 

සාකච්ඡාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප.ව. 12.45 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණි අතර මහින්ද රාජපක්ෂ මහතා පැමිණ ඇත්තේ ප.ව. 01.45 ට පමණ  පැයක් ප්‍රමාද වීය. හිටපු ජනාධිපතිවරයා එසේ ප්‍රමාද වී පැමිණ ඇත්තේ ජනාධිපතිවරයා සමග පැමිණි නියෝජිතයන් දෙදෙනෙකුට විරෝධය දැක්වීමක් වශයෙනි. 

පළමුව තීරණය වී තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපාත් ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තත් සාකච්ඡාව සඳහා සහභාගි වන බවයි. නමුත් අවසන් මොහොතේ එම තීරණය වෙනස් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා සහ දුමින්ද දිසානායක මහතා පැමිණීම හිටපු ජනාධිපතිවරයාට කරන ලද අපහාසයක් බව ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම සහ කුමාර වෙල්ගම පවසා තිබේ.

එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන වැනි කන අත්සන ගහන, ජීවිත කාලය පුරා පොලිස් බල්ලන් බලාගත් පුද්ගලයෙක් හා දුමින්ද දිසානායක වැනි කණිෂ්ට පුද්ගලයෙකු රැගෙන ඒමෙන් හිටපු ජනාධිපතිවරයාට කරන ලද අපහාසයට විරෝධය දැක්වීමක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පැයක් ප්‍රමාද වී පැමිණ ඇත. විනාඩි 45 ක් වත් සාකච්ඡාව පැවැත්වී නොමැති අතර මාධ්‍යයන්ට කිසිදු අදහස් දැක්වීමකින් තොරව මෛත්‍රී සහ මහින්ද පාර්ලිමේන්තුවෙන් පිටත්ව ගොස් ඇත. 

ඡායාරූප - dailymirror.lk
Share on Google Plus

Right to Reply