Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හෝටලය මැරියට්ය. හඬ ජාකොබ්ගේය, අත කාගේද?


ඩුබායි නගරයේ පසුගිය සැප්තැම්බර් මස 15 වැනි දින විවෘත කරනු ලැබූ කාමර 351ක් හා නිවාස 128කින් සමන්විත ඩුබායි මැරියට් හෝටලය පිළිබඳව දැඩි ආන්දොලනයක් පසුගිය කාලයේ මතු වූ අතර ඊයේ (14) දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මැරියට් හෝටලය සමග තමාට කිසිදු සබඳතාවයක් නොමැති බවය.

ඇමෙරිකානු ඩොලර් කෝටි 22.5ක් ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 2972.03) ක වියදමින් ඉදිකර ඇති මෙම හෝටලයේ හිමිකරු බව පැවසෙන්නේ අනුරාධපුර, කැබිතිගොල්ලෑව, මැදවච්චියේ ඉපදුණු නන්දන ලොකුවිතාන නම් පුද්ගලයකුට බව පැවසේ. ඔහු 1989 වසරේදී ඩුබායි නගරයට ඇඟලුම් කම්හලක සේවය කිරීම සඳහා පැමිණ තිබෙන්නේ මසකට ඩොලර් 225ක වැටුපකටය. ඉන් වසර 25ක් ගතවූ පසු ඔහු උපයාගත් ධනයෙන් මෙම හෝටලය ඉදිකර ඇති බව පැවසේ.

ඔහුද ඊයේ(14) නිවේදනයක් නිකුත් කළේය. ඊට අනුව ඔහුගේ පියා විදුහල්පතිවරයකු වන අතර තම නිවසේ වහලයේ පීල්ල කිතුල් කොටයක් දෙකට පලා සාදාගත් බවත් හේන් වැඩ කළ මව හේන කොටා මිරිස් ඇට ඉසීමෙන් පසු වන සතුන් එළවීමට ගිනිගොඩවල් ගසාගෙන සිටි බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

පිහිඹියගොල්ලෑව පාසලෙන් පහේ ශිෂ්‍යත්වය සමත්වීමෙන් පසුව හොරණට අවුත් ජනාධිපති විද්‍යාලයයේ නව වැනි ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලැබූ බවත්, පසුව අනුරාධපුර නිවත්තකචේතිය විදුහලෙන් සාමාන්‍ය පෙළද, අනුරාධපුර මැදි විදුහලෙන් උසස් පෙළද සමත් වූ බවද ඔහු පවසයි. තමන් ඉංජිනේරුවකු කිරීමේ වුවමනාව දෙමාපියන්ට තිබූ නමුත් ඔවුන්ගේ විරෝධය මධ්‍යයේ 1989 වසරේ ඩුබායි රටට පැමිණ ඉන් වසර 25කට පසුව මෙම හෝටලය ඉදි කිරීමට සමත්වූ බව ඔහු කියයි. මාස හතරකට වරක් මව්පියන් ඩුබායි කැඳවන නමුත් ඔවුන් දින කිහිපයකට වඩා එහි රැඳී සිටීමට අකමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙය කියවන ඕනෑම කෙනෙකුට නන්දන ලොකු විතානගේ යනු ඉතාමත් දක්ෂ, කැපවීමෙන්, මහන්සියෙන් වැඩකර දියුණු වූ පුද්ගලයකු ලෙස ප්‍රකාශ කිරීමට පුළුවන. එහෙත් ඔහු සිදු කරන ප්‍රකාශයන් කොතෙකුත් දුරට සත්‍යයද අසත්‍යයද යන්න පිළිබඳව කෙනෙකුට සිතිය හැකිය. සුරංගනා කතාවක් සේ දිගහැරෙන මෙම සිදුවීම් මාලාවෙන් එපිටට තිරය පිටුපසු ඉන් එහා ගිය දැවැන්ත ගනුදෙනුවක් පැවතිය හැකි බව මේ පිළිබඳව ගැඹුරින් විමසන අයෙකුට තහවුරු කර ගත හැකිය.

අවුරුදු 25ක් යනු මාස 300කි. ඩොලර් කෝටි 22ක් උපයා ගැනීමට අවම වශයෙන් මාසයකට ඩොලර් 750,000ක් ඉක්මවා ඉපයිය යුතුය. මොහු ඩොලර් 225ක මාසික වැටුපක් සඳහා ඩුබායි ගිය තරුණයෙක් නම් ඒසා විශාල වත්කමක් උපයාගත්තේ කෙසේද යන්න ගැටලුවක් පවතී. ඊට අමතරව ඩොලර් මිලියන 48ක් වැය කරමින් ඔහු ශ්‍රී ලංකා වානේ සංස්ථාවද මිලදී ගෙන තිබේ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ ස‍ඳහන් වන්නේ මේ ආයතනවල ආයෝජනය කර ඇති මුදල් තමන්ගේ නොවන බවය! එසේ නම් කෙනෙකුට ඒවා මහජනතාවගේ මුදල් වන්නට ඇතැයි උපකල්පනය කරන්නටද හැකිය.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP