Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'තමුසෙ ටොයිලට් යන්නෙත් මගෙන් අහලද ?'

'මොකක්ද අයිසෙ මේකෙ තේරුම ? පත්තරේ එඩිටර් තමුසෙද මමද ? ඔහොම ගියොත් තමුසෙ ටොයිලට් යන්නත් මගෙන් අහයි. හැම මගුලටම මට කතා කරන්න එපා. මම මෙහෙ රැවුළ ගිනි අරන් ඉන්නවා, තමුසෙ එනවා සුරුට්ටු පත්තු කරන්න.' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දුරකතනය ඔස්සේ 'රිවිර' ප්‍රධාන කර්තෘ සිසිර පරණතන්ත්‍රි මහතාට  කෑගසා තිබේ. 

එසේ හිටපු ජනාධිපතිවරයා රිවිර ප්‍රධාන කර්තෘවරයාට දොස් නගා ඇත්තේ ඔහු විසින් මෙතෙක්කල් ලේක්හවුස් සමාගම මගින් නොමිලේ රිවිර පුවත්පත වෙත ලබාදුන් 'නිවුස් රීල්' ලබාදීම නව ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ නියෝගයක් අනුව නතර කර ඇති බව දැන්වූ අවස්ථාවේදීය. ලේක්හවුස් හිටපු සභාපති බන්දුල පද්මකුමාර, ඔහු සභාපති ධූරය දැරූ කාලය පුරා හිටපු ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි රිවිර පුවත්පත මුද්‍රණය සඳහා මෙසේ නිවුස් රීල් නොමිලේ ලබාදී ඇත. ලේක්හවුස් ආයතනය දැඩිලෙස අලාභ ලබන අවස්ථාවකදී පවා ඒ පිළිබඳව නොතකා බන්දුල පද්මකුමාර විසින් හිටපු ජනාධිපතිවරයාගේ නියෝගය ඉටුකර තිබේ. 

'මට රිවිර පත්තරේ තිබුණත් එකයි, නැතත් එකයි. තමුසෙලගෙ පත්තරේ දැන් බල්ලෙක්වත් බලන්නෑ. පත්තරේ ගොඩදාන්න කියල මම ගයිරුකව හොයල දුන්න. (ගයිරුක පේරුසිංහ) ඒ මිනිහ පත්තරේ කරපු කාලෙ රිවිර ලක්ෂ ගාණක් විකුණුනා. තමුසෙයි මහින්දයි (මහින්ද විජේසුන්දර) එකතු වෙලා ඒ මිනිහට කටුව ගැහුවා. ඒවයෙ පළවිපාක තමයි තමුසෙල අද විඳවන්නෙ. මමත් සල්ලි ගස්වලින් කඩන්නෑ. මම රිවිරට සල්ලි දෙන එක දැනටමත් තමුසෙල ලීක් කරගෙන. ඕක ඔය ඉල්ලන ගාණකට විකුණල දානවා. මීට පස්සෙ මට කෝල් කරන්න එපා.' කියමින් මහින්ද රාජපක්ෂ මහතා දුරකතනය විසන්ධි කොට ඇත.

Share on Google Plus

Right to Reply