Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුනි ලක් සතොසේ සභාපති අහිංසකයා බේරා දෙන්න!!


ඒ 1994 මැතිවරණ සමයයි. එවක ශ්‍රීලනිපයේ පතාක යෝධයෙකු වූ දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා, ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ පෝස්ටර් ඇලවීම සඳහා කබල් ජීප් රථයක් හිමි දවසේ කුලියට වැඩ කළ හැකි පුද්ගලයෙකු සොයමින් සිටියේය. ජෙයරාජ් එම කාරිය පවරා තිබුනේ ඔහුගේ මස්සිනා වන නීතිඥ නිශේන්ද්‍ර ඒකනායකටය. අවශ්‍යතාවයට සරිලන පුද්ගලයෙකු ඔහුට සොයා ගැනීමට නොහැකි වූයෙන් ඔහු ඒ පිළිබඳව ඔහුගේ ඥාති සොයුරෙකු වන දැනට ලන්ඩනයේ පදිංචි සමන්ත ඒකනායකට තම මස්සිනාගේ අවශ්‍යතාවය පිළිබඳව දන්වා තිබිණ.

දිනක් සමන්ත නිශේන්ද්‍ර කැටුව මීගමුවේ අවන්හලකට ගොඩ වූයේ අඩියක් ගැසීමට නොව අඩියක් ගසමින් සිටි පුද්ගලයෙකු හමුවීමටය. අවශ්‍යතාවය කියූ සැණින් පදමට වෙරි වී සිටි පුද්ගලයා වැඩේට කැමති විය. නිශේන්ද්‍ර එකෙණෙහිම එම පුද්ගලයා සහ කබල් ජීප් රථය ජෙයරාජ්ට පෙන්වීම සඳහා රැගෙන ගියේ බැට්රියක් රහිතව ධාවනය වූ කෑලි හැලෙන ලෑන්ඩ්රෝවර් ජීප් රථය සමන්ත සමග එකතු වී තල්ලු කරමින් පණ ගන්වාගෙනය.

ජීප් රථය සහ පුද්ගලයා දුටු සැණින් ජෙයරාජ් වැඩේට කැමති විය. ඊළඟ දිනයේ එම පුද්ගලයා ජෙයරාජ් හමුවී පාප්පවලට සහ මාලුපාන් වලට මුදල් ලබාගෙන පෝස්ටර් ගැසීමේ කාරියේ නිරත විය. 1994 මහමැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ බලයට පත්විය. දිවංගත ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතාහට ප්‍රභල ඇමතිධූරයක් හිමිවිය. ජෙයරාජ්ට පෝස්ටර් ඇලවූ ඉහත කී පුද්ගලයා ජෙයරාජ් විසින් සතොසේ වගකිවයුතු නිලයකට විෂයභාර අමාත්‍ය කිංස්ලි වික්‍රමරත්න මහතා හරහා යොමු කරන ලද්දේ ‘සරා සලෙල දන සතොසේ - සුරා පාන කරන ලෙසේ' ගුත්තිල කාව්‍ය යේ පද දෙකක් විහිළුවට මුමුණමිනි. පෝස්ටර් ගැසූ පුද්ගලයාගේ මත්පැන් ලෝලීත්වය ඊට හේතු විය. නමුත් එම පෝස්ටර් ගැසූ පුද්ගලයා ගුරු කොට ගත්තේ ගුත්තිලයේ වෙනත් පදයකි. එනම් ‘නිබඳ කෙලිති දන සතොසේ' යන්නයි.

ජෙයරාජ්ගේ පිහිටෙන් සතොසට රිංගා ගත් මෙම පුද්ගලයා අවසානයේ නතර වූයේ ලක් සතොස සභාපති කමට පත්වෙමිනි. වසර 15 ක් පුරා ඔහු එම ධූරය දැරීය. 1994 වසරේ බාටා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන බැට්රි රහිත තල්ලු කරන ලෑන්ඩ් රෝවර් රථයක හිමිකරු වූ මෙම පුද්ගලයා අද කෝටිපතියෙකි. මීගමුව තුඩැල්ල හන්දියේ (දෙයියා ගාත හන්දිය) අති සුපිරි ඉන්ධන පිරවුම් හලේ හිමිකරු ඔහුය. ඊට අමතරව තවත් කොළඹ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් ඔහු සතු වේ. මෙම ඉන්ධන පිරවුම් හල් දෙකට අතිරේකව තරු පන්තියේ හෝටල් 2 ක්ද ඔහු සතුය. කොළඹ ප්‍රදේශයේ තවත් ගෙවල් කිහිපයකි. වැවිලි කර්මාන්තයටද අත ගසා ඇති ඔහුට විශාල වතු කීපයක්ද අයිතිව තිබේ.

මෙම ආශ්චර්යමත් පුද්ගලයා වෙනත් කවුරුත් නොව ලක්සතොසේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දුය. ඔහු මේ වන විට සිටින්නේ සැබවින්ම ඔහු සිටිය යුතු තැන වන හිර ගෙදරය. නමුත් ඒ තාවකාලිකව රිමාන්ඩ් බන්ධනාගාරයේය. තවත් සතියකින් දෙකකින් ලක්සතොසේ හිටපු සභාපති එවක ඔහුගේ ඇමතිවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග එලියට එනු ඇත. එසේ එලියට එන නලීන් ප්‍රනාන්දු සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු තම මානව හිමිකම් කඩවීම පිළිබඳව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරීමට නියමිතය. එහිදී නලීන් ප්‍රනාන්දුගේ මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට කෝටි ගණනක වන්දියක් මොවුන්ට ගෙවීමට සිදුවනු ඇත.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment