ටිරාන් බේරගන්න සජිත් සහ ශිරාල් බරට වැඩ!


රුපියල් කෝටි 25 ක සුනාමි මුදල් වංචා කිරීම පිළිබඳව මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන RADA ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සාලිය වික්‍රමසූරිය  මේ මස 25 වෙනිදා දක්වා කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් අද (12) රිමාන්ඩ් කාලසීමාව දීර්ඝ කරන ලදී. එහිදී මේ සම්බන්ධ RADA ආයතනයේ සභාපතිවරයා වන ටිරාන් අලස් මේ දක්වා අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි යන ප්‍රශ්නය උසාවිය හමුවේ මතුවී තිබේ.

අපරාධ මූල්‍ය කොට්ඨාශය (FCID) නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි අපරාධ මූල්‍ය කොට්ඨාශයේ අධ්‍යක්ෂක මෙවන් සිල්වා සඳහන් කර සිටියේ ටිරාන් අලස්වත් නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවයි. එහෙත් ඒ පිළිබඳව නිශ්චිත අදහසක් අධිකරණය හමුවේ පල කිරීමට මෙවන් සිල්වා හට නොහැකි විය.

අප වෙත වාර්තා වන පරිදි ටිරාන් අලස්ට එරෙහිව ඔහු අත්අඩංගුවට ගැනීම සදහා ප්‍රමාණවත් සාක්ෂි තිබියදී එය ඇදෙමින් පවතින්නේ එසේ අත්අඩංගුවට නොගන්නා ලෙස අපරාධ මූල්‍ය කොට්ඨාශයට සිදුවෙමින් පවතින පීඩනයයි. මෙම අපරාධ මූල්‍ය කොට්ඨාශයට කිසිදු දේශපාලන ඇගිලිගැසීමක් නැතිබවට රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ කළද සැබෑ තත්වය එය නොවේ.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක හා යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමති සජිත් ප්‍රේමදාස විවිධ පුද්ගලයන් හමුවී ටිරාන් අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කරමින් සිටී. ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය හරහා එල්ල වන මෙම පීඩනය නිසා මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දුර්මුඛ වී ඇත. ශිරාල් සහ සජිත් තම මිතුරා බේරා ගැනීමට දිවා රෑ වෙහෙසෙමින් සිටින බව ඔවුන්ගේ සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment