Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

තාත්තා කරපු හොරකම වාසුට වදයක් වෙලා, නෑලු - වාසුගේ පුතා පිළිතුරු දෙයි. (Update)




"තාත්තා කරපු හොරකම වාසුට වදයක් වෙලා." ලෙස අප පලකල පුවත සම්පුර්ණයෙන් ම සාවද්‍ය බවත් එය ඉවත් කරනා ලෙසත් 'Chiranjaya Nanayakkara' හෙවත් වාසුදේව නානායක්කාරගේ පුතා ලෙස තමන් හඳුන්වා දෙන පුද්ගලයෙකු අප වෙත පණිවිඩයක් යොමුකර තිබේ.

සත්‍ය හෝ අසත්‍යතාවය ජනතාවට තීරණය කරනු වස් අප එම පණිවිඩය පහතින් ඉදිරිපත් කරන්නෙමු,

"Hello,

My name is Chiranjaya Nanayakkara. I am also the son of Mr. Vasudeva Nanayakkara. I have serious concerns on an article published on your website regarding my grandfather. The title of the article is “තාත්තා කරපු හොරකම වාසුට වදයක් වෙලා”. My Uncles and Aunts have confirmed that the story narrated under this title is completely false and there is no truth whatsoever to the statements made therein. Further, my father, Mr. Vasudeva Nanayakkara, has denied a meeting with a gentleman as stated in the article.

Therefore, I would like to request from you to remove this article immediately.

If you have any questions or require any contact information of any member of the Nanayakkara family including my father and my uncle, Mr. Hemakumara Nanayakkara (Governor Southern Province), please contact me either via e-mail (c******kara@grwpc.com) or 281-***-5136.

Thank you for your cooperation in advance.

Sincerely,

Chiranjaya Nanayakkara
Regards,
Chiranjaya Nanayakkara | c*********kara@grwpc.com"

1958 වසරේ ගාල්ල දංගෙදර ප්‍රදේශයේ පිහිටා තිබූ 'වාසු සහෝදරයෝ' නම් වූ සිල්ලර ව්‍යාපාරය අයත් වූයේ වාමවාදීව දක්ෂිණාංශය වෙනුවෙන පෙනී සිටින දේශපාලන නළුවෙකු වන වාසුදේව නානායක්කාරගේ පියා වන ඩී. ෆ්‍රැන්සිස් නානායක්කාරටය. ඊට යාබදව පවත්වාගෙන ගිය 'ආශිර්වාදන් පිල්ලේ' තොග හා සිල්ලර වෙළඳසැල ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ එකක් වූ අතර එහි හිමිකරු වූයේ ද්‍රවිඩ ජාතික ආශිර්වාදන් පිල්ලේ නැමැති යාපනය ප්‍රදේශයෙන් ගාල්ල කරා පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වූ අයෙකුටය. 

1958 ජාතිවාදී කලකෝලාහල දිවයින පුරා පැතිරෙද්දී බියට පත්වූ මෙම ද්‍රවිඩ ජාතික ව්‍යාපාරිකයා තම ව්‍යාපාරය වසාදමා එහි තිබූ බඩු භාණ්ඩ හා ප්‍රවාහන කටයුතු සිදුකළ ලොරි සහ වෑන් වාසු සහෝදරයෝ ව්‍යාපාරය හිමි ෆ්‍රැන්සිස් නානායක්කාර හෙවත් වාසුගේ පියාට භාරදී ආරක්ෂාව පතා තම පවුලේ උදවිය ද කැටුව ඉන්දියාව බලා නැව් නැග ඇත. ෆ්‍රැන්සිස් නානායක්කාර මුදලාලි මහතාද අකමැත්තෙන් වුවද අශිර්වාදන් පිල්ලේගේ ව්‍යාපාරය සහ එය සතු වත්කම් බලාගැනීමට එකඟ වී තිබේ. 

ජාතිවාදී ගිනිදලු සම්පූර්ණයෙන්ම නිවීගිය පසු වසරකට පමණ පසු නැවතත් ආශිර්වාදන් පිල්ලේ ව්‍යාපාරිකයා ලංකාවට පැමිණ තිබේ. එසේ පැමිණි ආශිර්වාදන් පිල්ලේ ෆ්‍රැන්සිස් නානායක්කාර මුදලාලි හමුවීමට උත්සාහ ගත්තද උත්සාහය ව්‍යවර්ථ වී ඇත. එම කාලය වනවිට ලක්ෂ ගණනක් වටිනා තම ව්‍යාපාරික වත්කම් පිළිබඳව සිතා ආශිර්වාදන් පිල්ලේ විශාල උත්සාහයක් දැරීමෙන් අනතුරුව වාසුගේ පියා හමුවී ඇත. එවිට ඔහු ආශිර්වාදන් පිල්ලේට පවසා ඇත්තේ ජාතිවාදීන් විසින් ලොරි, වෑන් ඇතුළු සියලු දේ ගිනිබත් කළ බවයි. නමුත් සැබැවින් ම සිදුවී ඇත්තේ වාසුගේ පියා විසින් එම ලොරි සහ වෑන්රථ අඩු මුදලට විකුණා දමා තිබීමයි. වාසුගේ පියාගේ ක්‍රියාවෙන් දැඩිලෙස කලකිරීමට පත්වී ඇති ආශිර්වාදන් පිල්ලේ එම ප්‍රදේශය හැරදමා කොළඹ පදිංචියට ගොස් ඇත. 

මෙම අතීත පුවත අවුරුදු 57 කට පසු පසුගියදා වාසුදේව හමුවූ ආශිර්වාදන් පිල්ලේගේ මුණුපුරෙකු විසින් වාසුට කියා ඇත. එය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර ඇති වාසුදේව නානායක්කාර එම පුද්ගලයාට පවසා ඇත්තේ 'තමුසෙව මාව හම්බවෙන්න එව්වෙ යහපාලන ආණ්ඩුවෙන් නේද ? මීට කලින් තමුසෙ මාව හම්බවෙන්න ආවනම් මං දන්නව කරන දේ' කියාය. 



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP