Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මුල්‍ය අපරාධ කොට්ඨාශය බටහිර කුමන්ත්‍රණයක් - වීරවංශ.


පසුගිය රජයේ මුල්‍ය වංචා සෙවීමට යහපාලන ආණ්ඩුව විසින් පිහිටුවනු ලැබූ මුල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාශය (FCID) පිහිටුවනු ලැබ ඇත්තේ බටහිරයන්ගේ ඉල්ලීම මත බවත් බටහිරයන්ට එරෙහි වන්නන් අත්අඩංගුවට ගෙන මෙල්ල කිරීම සඳහා එය පිහිටුවා ඇති බවත් ජාතික නිදහස් පෙරමුනේ නායක එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ අද (07) පවසා තිබේ. මේ යටතේ පසුගිය රජයේ මන්ත්‍රීවරු දස දෙනෙකු අත්අඩංෙගුවට ගැනීමට නියමිත බව රජය මීට පෙර සඳහන් කළ බව වීරවංශ පවසා ඇත. මේ රටේ විශාලතම මුල්‍ය අපරාධය සිදුකළ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තවමත් යෙහෙන් වැජඹෙද්දී සතොසෙන් ණයට බඩු ගත්තා යැයි කියන හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රිමාන්ඩ්ගත කිරීම විහිලුවක් බව ඔහු පවසයි. 

තවදුරටත් කරුණු දක්වා ඇති වීරවංශ සඳහන් කර ඇත්තේ යහපාලන ආණ්ඩුව දින සියයක් ඉක්මවා පවත්වාගෙන යාම තුළින් ජනතා පරමාධිපත්‍යය උල්ලංඝන කර ඇති බවයි. රජයට තමන්ගේ ශක්තිය පිළිබඳව විස්වාසයක් තිබේනම් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන ලෙස තමා අභියෝග කරන බව වීරවංශ වැඩිදුරත් සඳහන් කොට තිබේ.

මේ අතර විවිධ මාධ්‍යයන්හි පළවන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ළඟදීම විසුරුවා හැරීමට නියමිත බවයි. එසේ බැලූකල ජනාධිපතිවරයා විමල් වීරවංශගේ ගොන් තර්කය පිළිගන්නා බවක් පෙනෙන්නට තිබේ. 



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment