Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මුල් පිටුව කරන්න ගිහින් බන්දුලට වෙච්ච දෙයක්!

පුරා වසර 12 ක් තිස්සේ ස්වර්ණවාහිනියේ මුල් පිටුව වැඩ සටහන සම්පාදනය කළ ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා මේ වන විට එම වැඩසටහන අහිමිවීම නිසා විශාල මානසික ආතතියකට ලක්වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි. 

පසුගිය දස වසර පුරා අළුයම 3.00 ට පිබිදී හොඳින් හැඳ පැළඳ ගෙන ස්වර්ණවාහිනියට ගිය පුරුද්දට බන්දුල පද්මකුමාර වැඩ සටහන අහිමිවීමෙන් පසුවත් එම වේලාවටම අවදි වී හොඳින් හැඳ පැළඳ ගෙන නිවසේ ආලින්දයට වී පුවත්පත් රැසක් වටකර ගෙන පුවත් කියවීමටත් එසේ කියවන අතරතුර ඔහුව ස්වර්ණවාහිනියෙන් එලවා දැමූවේ යැයි සිතා එදිරිසිංහ පවුලේ උදවියටත් දෝෂාරෝපනය කරමින් හැසිරෙන්නට පටන් ගෙන තිබේ. බන්දුලගේ මෙම ක්‍රියාකලාපයෙන් වික්ෂිප්ත වී ඇති බිරිඳ මේ පිළිබඳව මිතුරන්ට පවසා ඇත. පසුව ඔවුන්ගේ උපදෙස් මත බන්දුලව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කොට තිබේ.

ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ මානසික වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ බන්දුල පද්මකුමාර මහතා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී. මේ වන විට 68 වන වියේ පසුවන බන්දුල පද්ම කුමාර ඉතාමත්ම කැපවීමකින් ‘මුල් පිටුව' වැඩ සටහන සම්පාදනය කළ අතර ඔහුගේ පියවර ඔස්සේ යමින් අනෙක් නාලිකාද පුවත්පත් සිරස්තල කියවීමේ වැඩසටහන් ආරම්භ කරන ලදී. එහි පුරෝගාමියා වන්නේ බන්දුල පද්මකුමාරය.

කුමන ප්‍රිය සම්භාෂණ පැවතියත් ඒවා මගහැර සැමදාම රාත්‍රී 8.00 ට නින්දට යාම බන්දුල ගේ එකල සිරිත විය. වැඩසටහනෙන් පසුව ලේක් හවුස් වෙත පැමිණෙන බන්දුල සභාපතිගේ කාමරයේ ඇඳකට වී පැය කීපයක් නිදා ගැනීම සිරිත බව එකල ලේක් හවුස් සේවකයන් හොඳින් දන්නා කරුණකි. ලේක් හවුස් 'මුල් පුටුව'ටත් වඩා බන්දුල පද්මකුමාර ස්වර්ණවාහිනියේ 'මුල් පිටුවට' ආදරය කළ බව ඔහුගේ සමීපතමයන්ගේ අදහසයි.

Share on Google Plus

Right to Reply