Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'අනේ සර් වයිෆ් කචල් දානවා ඇමතිකමක් ඉල්ලගන්න කියලා' - කෙහෙළියගෙන් දුක්ගැනවිල්ලක්!

'අනේ සර් ගෙදර යන්න බෑ වයිෆ්ගෙ බරබරේ. මම මේ දවස්වල ඉන්නෙ කැන්ඩි ස්විස් හෝටලේ. ගෙදර ගිය ගමන් වයිෆ් අහන්නේ කවද්ද ක්‍රොස් ඕවර් කරනනෙ කියලා. මටනං ඇමතිකං ඕන්නෑ. ඒත් සර් වයිෆ්ටනං ඇමතිකමක් නැතුවම බෑ වගේ.

කොහෙද මේ මහින්ද ලොක්කා අපේ ගෑණු කට්ටියට පුරුදු කරපු දේවල්නෙ ඕවා. මිනිහ අපිව කන්ට්‍රෝල් කළේ වයිෆ්ල හරහා. සර්ල බයවෙන්න එපා, මහින්ද කොච්චර කෑගැහුවත් මෑන්ට ආයෙත් බලයට එන්න බෑ.' යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමතා දුරකතනය ඔස්සේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා පවසා තිබේ. 

කෙහෙළියගේ දුක්ගැනවිල්ලට සාවධානව ඇහුම්කන් දී සිටි අගමැතිවරයා කෙහෙළියට පවසා ඇත්තේ 'කෙහෙළියව මං ගන්න කැමතියි, නමුත් ලක්ෂ්මන් කිරිඇල්ල ඒකට කැමති නෑ. මට කෙහෙළියට වඩා ලක්ෂ්මන් කිරිඇල්ල ඕනෙ. ලකී කවදාකවත් මාව අත්හැරියෙ නෑ. මහින්ද පුලුවන් තරම් ට්‍රයි කළා ලකීව ගන්න. අන්තිමට එයාගෙ වයිෆ් හරහත් බලපෑම් කළා. නමුත් ලකී මාවයි පක්ෂයයි දාල ගියේ නෑ. ඒකනිසා මට ලකීගෙ කීමට උඩින් යන්න බෑ' කියාය. 

අගමැතිවරයාගේ ස්ථිර පිළිතුරෙන් පසුබා ඇති කෙහෙළිය අවසාන වශයෙන් ඉල්ලා ඇත්තේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සේවය කරන දියණියව නැවත කැඳවා නොගෙන සේවය දීර්ඝ කරදෙන ලෙසයි. ඊට පිළිතුරු දී ඇති අගමැතිවරයා 'ඒ ගැන මංගලට කතා කරන්න. මම මංගලගෙ වැඩවලට ඇඟිලි ගහන්නෑ. කරන්න පුලුවන්කමක් තියෙනවනං මංගල කරල දෙයි' යනුවෙන් පවසා තිබේ. 

තමන්ගේ ඉල්ලීම් දෙකම ප්‍රතිකේෂ්ප වනු දුටු කෙහෙළිය මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රමට දිනපතා දුරකතන ඇමතුම් දෙමින් රනිල්ට පවසා කෙසේ හෝ  තමන්ව නැවත පක්ෂයට එක්කර ගන්නා ලෙස අයදිමින් සිටින බව එජාප මූළස්ථාන ආරංචිමාර්ග සඳහන් කර සිටී. 

Share on Google Plus

Right to Reply