Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘බය නැතුව ඇමතිකම් ගන්න. පාර්ලිමේන්තුව දැන්ම විසුරුවන් නෑ' - ජනපති කියයි!


පත්කළ නව නියෝජ්‍ය ඇමති වරුන් එසේ පත් කිරීමට ප්‍රථම ජනාධිපතිවරයා හා පැවැත්වූ සාකච්ඡාවේදී ඔවුන් ජනාධිපතිවරයාට පවසා ඇත්තේ තමන්ට සතියක දෙකක කාලයකට ඇමතිකම් අවශ්‍ය නොවන බවයි. එහිදී ඔවුන්ට පිලිතුරු දී ඇති ජනාධිපතිවරයා ‘ඕගොල්ලො බය නැතුව මේ ඇමතිකම් ගන්න. පාර්ලිමේන්තුව විසුරුවන්ඩ බලය තියෙන්නෙ මට. මං ඒක දැන්මම කරන්නෑ. සෑම දිස්ත්‍රික්කයකම ඇමතිවරු පත්කරලා පක්ෂය බිම් මට්ටමින් ශක්තිමත් කරලයි මම පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දෙකට යන්නෙ. සමහර විට අවුරුද්ද අන්තිම වෙන්නත් පුළුවන්. මේ ඇමතිකම් අරන් ඒකට ඔගොල්ලො මට සහාය දෙන්ඩ' යනුවෙන් පිලිතුරු දී තිබේ. 

ජනාධිපතිවරයාගේ පිලිතුරෙන් සෑහීමකට පත්වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පසුව නියෝජ්‍ය අමාත්‍ය ධූර ලබා ගැනීමට කැමැත්ත පලකොට ඇත. මෙම පත්කිරීමේ ඇති විශේෂත්වය වන්නේ මාතර දිස්ත්‍රික්කයේ මංගල සමරවීර අමාත්‍යවරයා සහ සාගල රත්නායක දුර්වල කිරීම සඳහා මාතරට සනත් ජයසූරිය දෙනියායට විජය දහනායක නියෝජ්‍ය ඇමතිවරු වශයෙන් පත්කිරීමයි.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment