Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘මට හිරේ යන්න වුනොත් මහානායක හාමුදුරුවරුත් අමාරුවේ' - දියවඩන නිලමේ කියයි!


‘දළදා මාළිගාවේ ගිණුම් බෞද්ධ කටයුතු කොමසාරිස්ට යවන්නෙ මල්වතු - අස්ගිරි මහානායක හාමුදුරුවරු අත්සන් කරලා. මං උන්නාන්සෙලාට බලපෑම් කරල නෙමේ උන්නාන්සෙලාගේ අත්සන් ගන්නෙ. ඒක නිසා උන්නාන්සෙලාටත් වගකීමක් තියෙනවා දළදා මාළිගාවේ ගිණුම් කටයුතු ගැන. ඒ වගකීම සම්පූර්ණයෙන්ම මට අයිති වෙන්නෑ. මම වරදක් කරල තිබ්බනම් උන්නාන්සෙලාට පුළුවන් මාව නිවැරදි කරන්න. නමුත් නායක හාමුදුරුවරු දෙපලම ගිණුම් කටයුතු නිවැරදියි කියල අත්සන් කරලා තියෙන්නෙ. මගෙන් වගේම උන්නාන්සෙලාගෙනුත් ඒ සම්බන්ධයෙන් විමසා බැලිය යුතුයි' යනුවෙන් දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර සිය හිතවත් මාධ්‍යවේදීන් පිරිසකට පවසා තිබේ.

පසුගිය කාලයේ මෑතකදී අපවත් වූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහානායක හිමියන් ගිලන්ව සිටි බැවින් දළදා මාළිගාවේ ගිණුම් නිවැරදි බවට අත්සන් යොදා ඇත්තේ අභිනව අස්ගිරි මහානායක ගලගම අත්තදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනු නායක ධුරන්දරව වැඩ විසූ සමයේදීය. පසුගියදා උන්වහන්සේ බැහැ දැකීමට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නායක ස්වාමීන්ද්‍රියන් වහන්සේ විසින් දියවඩන නිලමේ වරයාව මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ප්‍රශ්න කිරීම පිළිබඳව සිය අප්‍රසාදය පලකොට තිබුනේ මේ හේතුව නිසා යැයි සඳහන් වේ.

දළදා මාළිගාවේ විගණකවරුන් විසින් ගිණුම් වාර්තාව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබියදී ඒ බව සගවා දියවඩන නිලමේවරයා විසින් මහානායක හිමිවරුන් නොමග යවමින් උන්වහන්සේලාට ගිණුම් කටයුතු පිළිබඳ ඇති අල්ප දැණුම ප්‍රයෝජනයට ගනිමින් වංචාකාරීව මෙසේ අත්සන් ලබාගෙන තිබේ. මේ පිළිබඳව අගමැති කාර්යාලය කරන ලද සොයා බැලීමකදී මේ බව තහවුරු වී ඇත. එසේ සාපරාධී චෝදනා තිබියදී වත්මන් දියවඩන නිලමේවරයා නැවත එම ධූරයට තරඟ කිරීම ධූරයේ ගෞරවය කෙලෙසීමක් බව මේ පිළිබදව උනන්දුවක් දක්වන පාර්ශවයන් සඳහන් කර සිටී.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP