Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

'මට බස් එක මිස් වුනා. තැන්තන් මම තමයි ජනාධිපති' - නිමල් සිරිපාල කියයි!


‘ෂිකේ බලන්ඩකො... මට බස් එක මිස් වුනානෙ. ඉස්සෙල්ලාම ඔෆර් එක ආවෙ මට කොමන් කැන්ඩිඩේට් වෙන්න කියල. ඒ ගමන්ම හිටපු එච්ඊ මට කතා කරල කිව්වා අගමැති වෙන්ඩ ලෑස්ති වෙන්ඩ කියල. චන්ද්‍රිකා මැඩම් තමයි මට කිව්වෙ කොමන් කැන්ඩිඩේට් වෙන්ඩ ලෑස්ති වෙන්ඩ කියල. මම ඔෆර් දෙකම තරාදියකට දාලා කිරුවා. හිටපු එච්ඊ ගෙ ඔෆර් එක වඩා රියලිස්ටික් කියල මං හිතුවෙ. අන්තිමට වැඩේ චක බ්ලාස් වුනා. කිසිම කැරිෂ්මා එකක් නැති පොරක් ජනාධිපති වුනා' යනුවෙන් පසුගියදා දකුණේ පැවති අවමගුල් උත්සවයකට සහභාගි වී ඇති විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා මහතා එහිදී හමුවූ සිය හිතවතුන් පිරිසකට පවසා තිබේ.

 ‘හැබැයි සිරිසේන උන්නැහෙ ගැහුවෙ ගල උඩ ගේමක්. පොඩ්ඩක් හරි මිස් වුනානම් සිරිසේනලගෙ පරම්පරාවම එක්කො පස් යට නැත්තන් ඇතුලෙ.බොරු කියන්ඩ ඕන්නෑ සිරිසේනගෙ ගට මටවත් නෑ. මමත් මෑන් වගේ ඕන කෙලියක් කියල වැඩේට බැස්සනම් අද ඉතිං අතිගරු ජනාධිපති නිමල් සිරිපාල සිල්වා මැතිතුමා කියල තමයි පත්තරවල ටීවීවල යන්නෙ. වෙලාව තමයි' යනුවෙන් නිමල් සිරිපාල විපක්ෂ නායක තුමා සිය හිතවතුන්ට පවසා ඇත්තේ යම් කිසි වේදනාවක්ද පෙරදැරිවය.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment