රනිල්ට පුළුවන් එව්වා රාජපක්ෂලාට බැරි බව නිරූපමා රාජපක්ෂ කියයි.


'අපේ මිනිස්සු කාපු රටක් ගොඩගන්න පුලුවන් එකම මනුස්සයා රනිල් වික්‍රමසිංහ විතරයි. ඉතිං ඇයි අපි ඒවගේ මනුස්සයෙකුට විරුද්ධව විශ්වාසභංග යෝජනා ගේන්න හදන්නෙ ? රාජපක්ෂල මගේ ඥාති වුනත් මං ඇත්ත කියන්න ඕන. අපේ කට්ටියට රනිල් එක්ක හැරෙන්නවත් බෑ. ඒක නිසා ඔය විශ්වාසභංගෙට අත්සන් කරන්න මට බෑ. මගෙත් එක්ක තරහ වෙන්න එපා.' යනුවෙන් හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය පවසා ඇත්තේ විශ්වාසභංග යෝජනාව රැගෙන ඊට අත්සන් ගැනීම සඳහා ගෙන ආ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා වෙතය.

නිරූපමාගේ ප්‍රතිචාරයෙන් දුර්මුඛ වී ඇති මනූෂ නානායක්කාර නිරූපමාගේ නිවසින් පිටවී එන ගමන් හිටපු ජනාධිපතිවරයාට දුරකතනයෙන් අමතා පවසා ඇත්තේ 'නිරූපමා අත්සන් කළේ නෑ සර්. මට හිතෙන්නෙ තිරූ (නිරූපමාගේ සැමියා) දැන්මම රනිල් එක්ක ඩීල්එකක් දාගෙන වගේ.' කියාය. ඊට පිළිතුරු දී ඇති මහින්ද රාජපක්ෂ පවසා ඇත්තේ 'තිරූ කොහොමත් යූඑන්පීකාරයා. ඕකා අපිත් එක්ක හිටියෙ ඩීල් දාගන්න විතරයි. ඌ දාපු ඩීල් එළියට ආවොත් අපිත් ගස්.' කියාය.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment