Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සිරිසේනත් සිරසට කප්පම් ගෙවයි.

සිරස ටීවී ප්‍රමුඛ එම්.ටී.වී./එම්.බී.සී. මාධ්‍ය ජාලයේ හිමිකරු කිලී මහරාජා වෙත තවත් රූපවාහිනී නාළිකාවක් සඳහා බලපත්‍ර ලබාදී ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමය පරිදි මෙම නව බලපත්‍රය ලබාදී තිබේ.

මෙම නව නාළිකාවේ කටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිතය. මෙම නව නාළිකාවේ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව ඇත්තේ කලක් ස්වාධීන රූපවාහිනීයේ සේවය කළ බුද්ධික වික්‍රමාධාරය. ඔහු සැර අයිඩියා ප්‍රචාරක ආයතනයේ හිමිකරුවන් තිදෙනාගෙන් එක් අයෙකු වන අතර සෙසු දෙදෙනා වන්නේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර හා දළඳා මාළිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂක ඒෂියන් මිරර් වෙබ් අඩවියේ හිමිකරු වන ක්‍රිශාන්ත හිස්සැල්ලය. 

කිලී මහරාජා පසුගිය ජනාධිපතිවරයණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් යම් කාර්යභාරයක් සිදුකළ අතර ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල තුළටම තමාගේ හෙංචයියන් ඇතුළත් කිරීමට ද කටයුතු කළේය. ඒ අනුව සිරස ටීවී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියාව සිටි ධර්ම ශ්‍රී ඒකනායක ජනාධිපති මාධ්‍ය අංශය වෙත රිංගවූ අතර ඔහු මේ වනවිට ජනාධිපතිවරයාගේ නිළ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරමින් සිටී. 

කිලී මහරාජා ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රණය වෙනුවෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵල ලබාගනිමින් සිටින අතර නව රූපවාහිනී නාළිකාව ලබාදී ඇත්තේ ද එහි ප්‍රතිඵලයක් වශයෙනි. 

Share on Google Plus

Right to Reply