Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

උපාලි හොර අරක්කු විකුණලා!


සුරාබදු පනතේ සියළුම නීතී රීති උල්ලංගනය කරමින්, ඉතා ඉහළ මිලක් සහිත විදේශීය මත්පැන් අලෙවි කරමින්, කොළඹ 7 විහාර මහා දේවී උද්‍යානය ඉදිරිපිට පවත්වාගෙන ගිය "උපාලීස් රෙස්ටුරන්ට්" ආයතනය පොලීසිය විසින් වටලා ඇත. මෙහි අලෙවි කරන ලද සියළුම මත්පැන් ආනයනය කොට ඇත්තේ, රේගු බදු කිසිවක් ගෙවීමකින් තොරව වන අතර, එම ස්ථානය වටලන අවස්ථාවේදි ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් 40 ක් පමණ එම ස්ථානයේ සිට ඇත.

රාජපක්ෂ රජයේ පාලකයන්ගේ සුවච කීකරු ව්‍යාපාරිකයකු වූ උපාලී ධර්මදාස, ප්‍රේමදාස රජය යටතේ මහා ධානපතියකු වූ නවලෝක මුදලාලිගේ පුත්‍රයෙකි. නවලෝක මුදලාලිද ප්‍රේමදාස රජය යටතේ අසාධාරණ ලෙස වගුරුබිම් ගොඩකිරීමෙන් සහ ගම්උදා ව්‍යාපෘති යටතේ ලංකාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයකු බවට පත් වූ පුද්ගලයෙකි.

උපාලිස් රෙස්ටුරන්ට්හි තිබී අත්අඩංගුවට ගන්නා ලද විදේශීය මත්පැන් බෝතලයක අවම මිළ රුපියල් 40,000 ක් වන අතර, බෝතල් 400 ක් පමණ එහිදි අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ නීතීවිරෝධි ලෙස මත්පැන් අලෙවි කිරීමට දඬුවම සිරගත කිරීම වන අතර, ගමේ කසිප්පු අලෙවි කරන්නාට ක්‍රියාත්මක වන නීතිය, උපාලි ධර්මදාසටත් ක්‍රියාත්මක වන්නේදැයි අප බලා සිටිමු.


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment