දුමින්ද මහින්දට බැහැ කියයි.


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයේ ආරම්භක රැලිය ඊයේ (17) අනුරාධපුරයේදී පැවැති අතර එයට සහභාගී වන ලෙසට මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීම සන්ධාන අපේක්ෂක දුමින්ද දිසානායක ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

හිටපු ජනාධිපතිවරයා සමග එකම වේදිකාවක අසුන් ගැනීමට තමන්ගේ ඇති අකමැත්ත ප්‍රකාශ කරමින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. දුමින්ද දිසානායක මහතා එම රැස්වීමේ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ ඔහුගෙන් සුළු වේලාවකට හෝ සන්ධාන වේදිකාවට ගොඩවන ලෙස ඉල්ල ඇති බව පැවසේ.

හිටපු කැබිනට් ඇමතිවරයකු මෙන්ම උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බර්ටි ප්‍රේමලාල් මහතාගේ හදිසි අභාවයට මහින්ද රාජපක්ෂ වගකිව යුතු බවට ඔහුගේ පවුලේ සාමාජිකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල විය. බර්ටි ප්‍රේමලාල් රාජපක්ෂ විරෝධියකු ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මහඇමති ධූරය ලබා නොදීමටද එවකට මහින්ද රාජපක්ෂ කටයුතු කළේය.



Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment