Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සිරසේ ජඩ මාධ්‍යකලාව ශ්‍රී රංගා ඔප්පුකොට පෙන්වයි!



කිලී මහරාජාට අයත් මහරාජා ආයතනයේ මාධ්‍ය හෙංචයියෙකු වන පුරවැසි පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගාට මෙවර මැතිවරණය සඳහා නාමයෝජනා නොලැබුණු අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් වී තිබේ. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පසුගිය කාලයේ පක්ෂපාතීත්වය දැක්වීම වෙනුවෙනි. රංගා මාධ්‍ය කලාවට පැමිණියේ මහින්ද රාජපක්ෂ ධීවර ඇමති සමයේ ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වෙමිනි.

එසේ පැමිණි රංගා පසුව මහරාජා ආයතනයට සම්බන්ධ වූ අතර ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයේ කටයුතු කරමින් සිටියදී පවා මහරාජා ආයතනයේ මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කළ අතර ඔහු කිලී මහරාජාගේ දේශපාලන හෙංචයියන්ගෙන් කෙනෙකි. කිලී මහරාජා විසින් රාජපක්ෂ පාර්ශ්වයේ තම නියෝජිතයා වශයෙන් රංගා ස්ථානගත කළ අතර රංගා මහරාජා ආයතනය, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් භාවිතා කරමින් සිටින ආකාරය සම්බන්ධයෙන් හොඳම නිදසුනක් පසුගිය ජූලි 04 වැනිදා ශක්ති ටීවී ආයතනය මගින් දැකගන්නට ලැබිණි.




රංගා විසින් මෙහෙයවන ශක්ති මින්නල් වැඩසටහනට එදින පැමිණ සිටියේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රී පී. ශක්තිවේල් මහතාය. මෙම වැඩසටහන බලන ප්‍රේක්ෂකයා සිතන්නේ මෙය සජීවීව විකාශය වන වැඩසටහනක් ලෙසයි. ඒ බව රූපවාහිනී තිරයේද සටහන් වේ. නමුත් මෙය පටිගත කොට විකාශය කරන වැඩසටහනකි. ජූලි 04 වැනිදා ශක්ති මින්නල් නැරඹූ බොහෝදෙනා එය මේ වනවිට පසක් කරගෙන සිටී.

මින්නල් යනු හුදෙක් රංගාට අවශ්‍ය ආකාරයෙන්, රංගා සහ මහින්ද පාර්ශ්වය ඔසවා තැබීම වෙනුවෙන් සිදුකරන වැඩසටහනකි. එහි සියල්ල තීරණය කරන තීරකයා ඔහුය. ඒ සඳහා සහභාගි වෙන්නේ කවුද, අසන ප්‍රශ්න මොනවාද, සහභාගි වන පුද්ගලයා දියයුතු පිළිතුරු මොනවාද, මෙම සජීවී වැඩසටහනට දුරකතනයෙන් ප්‍රශ්න අහන්නේ කවුද, ඔවුන් අසන ප්‍රශ්න මොනවාද, එම ඇමතුම් සම්බන්ධ කරගන්නේ කුමන වේලාවටද යන සියල්ල තීරණය කරන්නේ රංගාය. එපමණක් නොව වැඩසටහනේ නිෂ්පාදකවරයා ද කටයුතු කළයුත්තේ රංගාට අවශ්‍ය පරිදිය.

පසුගිය ජූලි 04 වැනිදා වැඩසටහන එදින සවස රූගත කළ අතර එහිදි වැඩසටහන අතරමැදදී පළාත් සභා මන්ත්‍රීවරයාට රංගා උපදෙස් දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට සහ දිගම්බරම්ට අවාසි සිදුවන ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසයි. මේ වනවිට වතුකරයේ කම්කරු කොන්ග්‍රසයට තිබූ බලය අහිමිවෙමින් පවතින අතර දිගම්බරම් වතුකරය තුළ ජනප්‍රියවෙමින් සිටින හෙයින් ඔහුට එරෙහිව කටයුතු කිරීම මේ වනවිට රංගලාගේ කාර්යභාරය වී තිබේ. එයට හේතුව යම්හෙයකින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් එජනිස පරාජය වුවහොත් තමන්ගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය අහිමි වන බැවිනි. ඒ අනුව වැඩසටහන අතරතුරදී අසන ප්‍රශ්න සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රීවරයා දැනුවත් කරමින් ඔහු ලබාදිය යුතු පිළිතුරුද ඔහුට පවසන අතර වැඩසටහනේ අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදෙයි. ඔහුට පවසන්නේ තමා විසින් පෙරදී දැනුවත් කළ පරිදි සූදානම් කර තිබෙන දුරකතන ඇමතුම් අවශ්‍ය වේලාවේදී සම්බන්ධ කරන ලෙසයි.

මෙම දුරකතන ඇමතුම් රංගා විසින් කලින් සූදානම් කර තිබෙන අතර එම ඇමතුම් ලබාදෙන්නන් විසින් ඇසිය යුතු ප්‍රශ්න ද රංගා විසින් ලබාදෙන ඒවාය.



මේ ආකාරයෙන් එජාපයට හා දිගම්බරම්ට එරෙහිව දිගින් දිගටම මහින්ද පාර්ශ්වයට හිතවත් ලෙස මින්නල් වැඩසටහන පවත්වන අතර එය මහරාජා අධිපති කිලී මහරාජාගේ අනුදැනුමද සහිතව සිදුවේ. කිලී මහරාජාගේ ජඩ මාධ්‍ය කලාව සම්බන්ධයෙන් විටින් විට අප වෙබ් අඩවිය මගින් පුවත් පළකළ අතර ඔවුන් මේ වනවිට ජනවාරි අටවැනිදා පරාජයට පත්ව ගෙදර ගිය මහින්ද රාජපක්ෂ නැවත උත්කර්ෂයට නැංවීමේ කර්තව්‍යය ඉටු කරමින් සිටී. ඒ සඳහා එළිපිටම තම රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා භාවිතා කරමින් සිටින අතර එම ආයතනවල සිටින මහරාජාගේ මාධ්‍ය හෙංචයියන් ද කිලී මහරාජාගේ අවශ්‍යතාවය පරිදි රෙදි නැතිවම මහින්දට කඩේ යමින් සිටී. 


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP